
(යොහාන් භාසුර)
එළිමහන් සංගීත ප්‍රසංග පවත්වන කාලය අලුයම 1.00 දක්වා දීර්ඝ කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ගායක ගායිකාවන්ගේ සංගමය වෙනුවෙන් සන්ෆවර්ස් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතා අද (29) පැවසීය.
නීල් වර්ණකුලසූරිය මහතා ගායක ගායිකාවන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සතියේ දින හතරේදී එළිමහන් සංගීත ප්‍රසංග රාත්‍රී 10.00 ට නතර කළ යුතුවීම විශාල ගැටලුවක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර පසුදින අලුයම 1.00 දකවා ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
මෙම තත්වය හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක්ට රැකියා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති බව කී වර්ණකුලසූරිය මහතා රාත්‍රී 10.00 ප්‍රසංග නතරකිරීමට අපේක්‍ෂකයන් ද අකමැති බව ද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එළිමහන් සංගීත ප්‍රසංග කාලය අලුයම 1.00 වෙනකල් ඉල්ලයි
ජිල්බු Wednesday, 29 January 2025 03:37 PM
5ටා පටාන් අරගෙන, 10ටා ඉවරා කරාන්ට අවශ්‍යායි. 10ටා බැරිනාම් ඉන්ඩෝ ගහන්ඩෝ...!
ලයන් Wednesday, 29 January 2025 04:00 PM
කරුණාකර මෙයට ඉඩදෙන්න එපා...!
Chamila Fernando Wednesday, 29 January 2025 04:03 PM
අනිවාර්යයෙන් වෙලාව වෙනස් කළ යුතුයි. ටුවරිසම් තියක අනිවාර්යයෙන් රෑ වෙනකන් සංගීතය තිබිය යුතුමයි...
ජිල්බු Wednesday, 29 January 2025 05:22 PM
මල්ලේ පොල්ද, නැත්තං වෙන මොනවා හරිද? මේ කියන්නේ එළිමහන් සංගීතෙයි කියලා කන් පැලෙන්න සද්දේ දාගෙන මල් සිංදු ලතෝනි තාලෙට කියන එක ගැන....!
Janindu Wednesday, 29 January 2025 04:28 PM
කන්කරච්චල් රෑ එක වෙනකං අහන්න කියලාද කියන්නේ?
Nimal 1 Wednesday, 29 January 2025 05:57 PM
මේ ඉල්ලීමට අවසර දෙන්න එපා. මිනිස්සුන්ට රාත්‍රිෙය්දී නිදහසේ නිදාගැනීමට අවශ්‍යයි.
Chinthaka Wednesday, 29 January 2025 06:32 PM
මුළු දවසම වැඩකරලා මහන්සිවෙලා ගෙදරට එන මිනිස්සු නිදාගන්නේ නැතිද? පහුවදාට රැකියාවට යන්නේ නිදිමතේද? ලෝකයේ දියුණු රටවල රෑ 10 න් පසු පිටත සංගීත සංදර්ශන පැවැත්වීම තහනම්. සංදර්ශන ශාලාවක පැවැත්වීමට පුළුවනි. මේවා කුඩු කාරයින්ට හොඳයි. නමුත් සාමාන්‍ය ජනතාවට හිතකර නැහැ..!
Ven.D.Revatha Thero Thursday, 30 January 2025 08:59 AM
ගෙවල් වල ළමයින් ඉගෙන ගන්නෙ නැතිද? මිනිස්සු නිදියන්නේ නැතිද මුන් බීල එලිවෙනකම් බුදියයි. මිනිස්සුන්ට හෙට දිනයේ වැඩ කරන්නේ කොහොමද මෙය නොකල යුතුයි.
චින්තක Thursday, 30 January 2025 11:36 AM
ඉස්සෙලම කියන්න අද ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න ඉන්නේ කවුද කියලා . ප්‍රවීණ දක්ෂ අයත් වයසට ගිහිල්ලා. එදා මිල්ටන්, ප්‍රියා ,ජෝති, නිහාල්, එම් එස් ,නුවන් වගේ අය හිටිය. ඒ අඩුව පුරවන්න නව පරපුරේ එක ශිල්පියෙක් ඉන්නවද ,එහෙම නැතිනම් අලුත් නිර්මාණ කරන්න හැකියාවක් තියෙන එක්කෙනෙක් ඉන්නවද ? ඉන්නේ විලාප තියෙන කොපි කැට් කාරයෝ ටිකක් විතරයි . ඔය අදෝනා අහගෙන ඉන්නද කියන්නේ එළිවෙනකල් .