
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොලොම්බියා වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට කළ අනතුරු ඇඟවීමත් සමඟ පෙට්රෝ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙරළා අනතුරු ඇඟවීමක් කළේය.
ඒ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැරගත්තා සේ, ඇමෙරිකන් හමුදා තමන්පැහැර ගැනීමට පැමිණෙන්නේ නම්, ඇමෙරිකාව සමඟ යුද්ධයකට යෑමට තමන් පසුබට වන්නේ නැතැයි පෙන්වා දෙමිණි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සේම, කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අනුග්‍රහය දක්වන බවටත්, ඇමෙරිකාවට කොකේන් එවීමට කටයුතු කරන බවටත් ජනාධිපති ට්‍රම්ප් චෝදනා නගා ඇත.
‘ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මටත් චෝදනා කරනවා. මට පිස්සෙකු යැයි දොස් නගා තිබෙනවා. වෙනිසියුලා ජනාධිපති මදුරෝට සිදුවුණු ආකාරයේ ඉරණමකට මටත් මුහුණ දෙන්න වේවි යැයි ට්‍රම්ප් කියනවා. ඒත් මා ට්‍රම්ප්ට බය නැහැ. ඇමෙරිකන් හමුදාව සමඟ හැප්පෙන්නත් මා සූදානම්’ යැයි කොලොම්බියා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එස්කොබාර් (හෙල හවුලට අනුව ඇස්කොබා) අයිය හිටියනම් ටම්පච්චිට දුවන්න දෙන්නේ.