(ඉන්දිකා රාමනායක)
විශේෂ කාර්ය බළකාය හා දඩයම් කරුවන් අතර උඩවලට රක්ෂිතයේ දී ඇති වු වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බළකාය අද (31) අලූයම සිදුකළ සෝදිසියකදි රක්ෂිතය තුළ මරන ලද මුවන් තිදෙනකු පුද්ගලයන් දෙදෙනකු විසින් මස්කරමින් සිටිනු දැක ඒ වෙත ගමන් කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් භටපිරිස් වෙත වෙඩි ප්රහාරයක් එල්ල කර ඇත.
එහිදී නිලධාරීන් ප්රතිප්රහාර එල්ල කිරීමේ එක් සැකකරුවෙක් තුවාල ලබා ඇති අතර සෙසු සැකකරු පලාගොස් ඇත.
ඔවුන් සතුව තිබු ටී 56 ගිනි අවියක්, පතරොම් 21, හා ඝාතනය කර තිබු මුවන් තිදෙනකු නිලධාරීන් බාරයට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ කාර්ය බළකා නිළදරුවනි දුවන්න ඉඩ තියන්න එපා ජනතාවගේ බදුවලින් හිරේ දාල කන්න දෙන්න ඕනේ නැහැ නීති විරෝදී වැඩ කළා නම් මරණය නියතයි යන අදිටනේ ඉඳ කටයුතු කරන්න