
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටි 56 ගිනි අවිය අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය සඳහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
ඒ සම්බන්ධයෙන් සැක හැර දැනගැනීම සඳහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ටැටු කලාගාරය තුළ අපරාධයත් සමග විසිරී තිබූ හිස් පතුරම් කොපු මෙම ගිනි අවියෙන් නිකුත් වූ ඒවා දැයි වැඩි දුරටත් සොයා බැලීමට නියමිතය.
මෙම ගිනි අවිය යොදාගෙන ගම්පහ ඔස්මන්ඩ් නැමැත්තාද ඝාතනය කිරීමේ සූදානමක් අනාවරණය වී යැයි අනාවරණය වී යැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේ මුල්ල සංජීව යන අයගේ ගෝලයකු වන ගම්පහ පැටි මංජු ගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත යන අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
ඉකුත් ජුලි මස 8 වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු, එම ස්ථානයේදීම මියගිය අතර ජනප්‍රිය ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු බරපතල තුවාල ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතාලය සහ පාලකයො දූෂිත ආරක්ෂක අංශ හරියට අමුඩෙයි පස්සයි වගේ තමයි. දෙක වෙන් කල දාට ඕවා ඉවරයි. දැන් ඒක වෙන බව පේනවා, සංදර්ශන දදා හිටපු මේසපන්දු උන්නැහැ කලේ බොරුවක් බව පේනවා නේද?
දියුණු රට වල මෙවැනි තොරතුරු ඉතා රහසිගතව තබා ගන්නවා .පරීක්ෂණය අදාළ කිසිම තොරතුරක් පිටට දෙන්නේ නෑ
මෙහේ රහසිගතව තියන්න බෑ. එහෙම කලොත් අහනවා කෝ හොරු ඇල්ලුවාද කියලා. මිනිසුන්ට ඕන වැඩ වගේම සද්දෙත්. ඡන්දෙන් පස්සේ බලමු රහසිගතව තියන්න.
අපි දියුණු රටක් නෙමෙයි බව දැනගෙන හිටියේ නැද්ද?