(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපළෙන් මිලදී ගන්නා තීරු බදු රහිත භාණ්ඩ සඳහා සීමාව ඔවුන් විදේශගතව සිටියදී මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත තීරණය කරන බව කම්කරු හා විදේශ රැක්යා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
නව තීරු බදු රහිත ඩොලර් සීමාව මැයි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා මෙරටට එවූ මුදල් ප්‍රමාණය අනුව වැඩි තීරු බදු සහනයක් හිමිවන බව ද සඳහන් කළේය.
ඒ අනුව ඩොලර් 2,400 ත් 4,799 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 600 ක ද, ඩොලර් 4,800 ත් 7,199 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 960 ක ද, ඩොලර් 7,200 ත් 11,999 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 1,440 ක ද, ඩොලර් 12,000 ත් 23,999 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 2,400 ක ද, ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩියෙන් එවා ඇත්නම් ඩොලර් 4,800 ක ද, අමතර තීරු බදු සහනයක් හිමිවන බව ද අමාත්‍යවරයා කීය.
පසුගිය වසරේ (2022) මැයි මස 1 වැනිදා සිට නීතියානුකූල මාර්ගවලින් මෙරටට එවූ මුදල් මෙම දීමනාව සඳහා වලංගු බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කලින් දුන්න මාස හෝ අවුරුදු ගානක් ඉඳලා එනකොට දුන්න දීමනාව? අනේ මෙහෙමත් දේශපාලුවෝ කරන දෙයක් හරියට කරගන්න බැරි අපතයෝ. කාලීන දීමනාව එහෙමම තියෙද්දී ඉට අමතරව රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව එම දීමනාව වැඩි කලා නම් නේද හරි. මෙහෙම ගොන් සෙට් එකක් රට කරන කොට ඔහොමවත් ඉතුරු වෙලා තියෙනවා ඇති. අනිත් කාරනේ තමයි තීරුබදු සහන වලට කාර් ගෙන්නන්න දුන්නේ කලින් රජයේ නීළධාරින්ට දොස්තරලාට, ඒ අය ඩොලර් උපුලා රටට එවන්න ඇති නේද.
අමතිතුමා, අපි වසරකට කිහිප සැරයක් ලංකාවට එන නිසා අපේ තීරුබදු සහන සීමාව කිසිම දවසක ඩොලර් 500 ට වඩා වැඩි වෙන්නෙ නැහැ. එ නිසා එන වාර ගනන නොසලකා වසරකට දෙන තීරුබදු සහන සීමාව සියල්ලටම එකසේ දෙන්නත් කටයුතු කරන්න.. රටට එවන මුදල්වලට දෙන මෙ සහනය අපි ඉතා අගයකොට සලකනව.
මෙය තමඉ පුන්චි බන්නෙර් එකක් ඇඉර්පොර්ට් එකෙ ගහල VIP DOOR OF HOPE කියල මිනිස්සුන් ව ඇන්වෙ.
දුප්පත් ගෘහසේවිකාවන්
කොහොමද සල්ලි එව්ව බව පෙන්වන්නේ .. ලියාපදිංචි වෙන්න website එකක් තියෙනවා ද