IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


’’එල්ලෙන්න අලුත් වැලක් හොයාගන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වික්ෂයට එල්ලෙන්න තිබුණු අවසාන වැල වන ලුණුත් ඉවරයි. දැන් අලුත් වැලක් හොයාගන්නැයි වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සමහර අය ලුණු මාෆියා හදනවා.මේ වන විට ලුණු මාෆියාව අවසන් කර තිබෙනවා. ආනයනකරුවන් ලුණු කන්ටේනර් විසිපහක් ගෙන්වා තිබෙනවා.

ලුණු අද ඉඳන් එනවා.අපේ රටේ දවසට ලුණු  මෙට්‍රික් ටොන් පන්සියයක් වැය වෙනවා.මේ වන විට හම්බන්තොට ලේවායට දුන්න ලුණුත් දවස ගානේ වෙළඳපොළට නිකුත් වෙනවා.වෙන කියන්න දෙයක් නැති නිසා ලුණු ගැන බොරු කියනවා යනුවෙන්ද  අමාත්‍යවරයා කීය.



අදහස් (13)

’’එල්ලෙන්න අලුත් වැලක් හොයාගන්න’’

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 03:40 PM

තව ටික දවසකින් විපක්ෂයට ලුණු කැදත් නැති වෙනවා.....

:       36       19

sene Wednesday, 21 May 2025 03:43 PM

ගෙන්නන්නේ නැහැ කී ලුනු ආනයනය කොට එය කියන උජාරුව, ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.

:       12       157

chanika Wednesday, 21 May 2025 04:07 PM

ඔහේගේ අර රජයේ වී මිලදීගැනීමට මොකද වුනේ? මාලිමා ආණ්ඩුවේ ඉන්න කට විතරක් තියන වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි මේ...

:       7       38

Gihan Wednesday, 21 May 2025 04:07 PM

ජෙප්පන්ට කොහේද ලැජ්ජාව? කඩේ යන අයටවත් නෑ...

:       11       36

Kamal Koyrala Wednesday, 21 May 2025 04:42 PM

ස්වභාවික අපදාවන් තම වාසියට ගෙන ලුණු මාෆියාවක් හදා ලුණු ගෙනත් වැඩි මුදලකට පරිභෝගිකයන්ට දෙනවා. දැන් LUNU ROYISC එහෙමත් ඇවිල්ලා

:       4       22

රම්බොඩ Wednesday, 21 May 2025 04:45 PM

මොවුන්ගේ කටේ නරිවාදන් නම් තියෙනවා. ඒවා රෙද්දපල්ලෙන් බේරෙන වග ඔවුන්වත් දන්නෙ නෑ. වැඩ වර වරා අනුන්නට බැන බැන හිටියවුන් පච මළු මළු වපුරලා රටක් රවටලා දැන් පාලනයේ ඉඳන් කටමැත දොඩවනවා

:       8       30

යෝගා Wednesday, 21 May 2025 04:49 PM

පහුගිය ඡන්දෙදී ජනතාව ඔහෙලාව බෙල්ලෙන් එල්ලුවා. ඊලඟ ඡන්දෙදී ගැටේ තදවෙයි. දැනට ඔහොම කෙඳිරි ගගා ඉන්න...

:       7       26

කන්ටේනර් 323ක් හොරෙන් පිටකරපු එකා Wednesday, 21 May 2025 04:54 PM

වැලක් හොයනවා... හැබැයි ඒ ඊළඟ මහ ඡන්දෙන් පස්සේ කප්පම් වසන්තයාව එල්ලන්න...!

:       6       30

Rama Wednesday, 21 May 2025 05:12 PM

දැන් මේ ලුණු නැති වුණේ මාස ගාණක් ඇතුලේ දෙවෙනි වරට. තුන්වෙනි වරටත් නැති වුනෝත් මොකද කරන්නේ? වෙන්නේ නෑ කියලා කොහොමද කියන්නේ? පළවෙනි පාර අත්දැකීම අනුව නැවතත් එම දෙයම නොවෙන්න වැඩ කරගන්න බැරිවුණා ඇමැතිට? විපක්ෂයට එල්ලෙන්න වැල් හදලා දෙන්නේ වැඩ පුහුණු වෙන ආණ්ඩුව. අර ලොක්කා ළඟදී කිව්වේ අපි පුහුණුවෙන ගමන් රට ගෙනියනවා කියලා. මේ ඇමැතිලා හොඳයි වැලේ වැල් නැති එවුන්ට...

:       5       26

NPP Wednesday, 21 May 2025 06:18 PM

රට උලාකාපු විදියට ලුණු නැතිව යන එක අහන්න දෙයක්ද? අනික මොනවා හරි නැතිනම් වෙන රටකින් ගේන්න ලැජ්ජා වෙන්න ඕනේද? ලැජ්ජා වෙන්න ඕනෑ හිටපු කජු සීයා. ජනමතය තේරුම් ගන්න බැරිව බොරුවට උඩ පනින්න ඒපා...

:       16       2

ගුණරත්න Wednesday, 21 May 2025 06:22 PM

බු හා හා... මේ මෝඩ ඇමතියා කලින් දේශනා කරපු නිෂ්පාදන ආර්ථිකේ සරම අස්සෙන් වැක්කිරිලා යද්දිත් පුරසාරන් දොඩවනවා. අපි කන්ටේනර් 25ක් ගෙන්වනවා කියලා, අනේ මෙහෙමත් බූරුවන්...

:       4       21

Visal Thursday, 22 May 2025 12:26 AM

Aravinda harakvila

:       0       4

Bunny Preena Thursday, 22 May 2025 09:01 AM

ඔබතුමන්ලාත් ජනතාවට දුන්න පොරොන්දු කලට වේලාවට ඉටු කලේ නැතිනම් වැලේ වැල් නැති වෙයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2020 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 633 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 713 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site