IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්

(සුජිත් හේවාජුලිගේ )

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය, සභාවේ කටයුතු සහ කාරක සභාවන්හි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී නවක මන්ත්‍රීවරුන් දැනුවත් කෙරෙන බවද ඔහු කීවේය

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ලබන 18, 19 සහ 20 දිනවලදී සිදු කෙරේ.

එම කටයුතු වෙනුවෙන් නිලධාරී කණ්ඩායම් කිහිපයක් සූදානම් කෙරෙන බව කුලරත්න මහතා පැවසීය.

මේ කටයුතු සංවිධානය කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.

 



අදහස් (7)

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්

Amaray Saturday, 16 November 2024 10:26 AM

ඇත්ත වශයෙන්ම මේ අදහස ඉතාමත් වැදගත්. මූලික පිළිපැදිය යුතු වැදගත් දේ සාකච්ඡා කොට අවබෝධයක් ලබාදීම කාලෝචිතයි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ හැසිරීම සහ වාග් විලාශය පිළිබඳව පසුගිය කාලවල ඉතාමත් පහත් තත්වයකට වැටී තිබූ නිසා පොඩිදරුවෙකුටවත් සැසිවාර නැරඹීමට නොහැකිව තිබීම ඉතාමත් කණගාටුයි. එමනිසා මේ පිළිබඳව මෙම පුහුණු පාඨමාලාවේදී විශේෂ අවධනයක් යොමු කළ යුතුයි.

:       0       13

K.D.P. Chandani Perera Saturday, 16 November 2024 11:40 AM

මේ සැරේ ඇතුළට ආපු පරණ අයට නම් parliament එක ඇතුලේ හැසිරෙන හැටි අලුතින් කියලා දෙන්නත් වෙයි. චාමර මහත්තයා, දිනේෂ් මහත්තයා එහෙම කලින් වගේ බෙරිහන් දීලා කතා කරන්න පටන් ගනියි පුරුද්දට...

:       1       31

Lakmal Saturday, 16 November 2024 12:04 PM

තාමත් රනිල්ට කඩේ යනවාද?

:       3       10

Perera Saturday, 16 November 2024 02:36 PM

ඕවා උගන්වන්න එන්නේ රනිල්ද?

:       1       7

sam Sunday, 17 November 2024 07:14 AM

එල් බෝර්ඩ් කියලා ජොලි සීයා බාල්දු කළ අය ඡන්ද 7,8 ලක්ෂයක් ගන්න කොට 76 කට රට කාපු රනිල් දන්න ඔක්කොම නැටුම් නටලා ගත්තේ ඡන්ද ලක්ෂ 5යිනේ... යකෝ..! 

:       3       1

sisira Sunday, 17 November 2024 10:48 AM

පුහුණුකරු ලෙස අපි ‘‘ලාල්කාන්ත‘‘ පත්කරමුද? එකෙන්ම ජෙප්පෝ මොකද කියන්නේ? එයා හොඳයි නේද?

:       1       3

Rohana Sunday, 17 November 2024 02:55 PM

එල් බෝඩ් කියන බජාර් එකේ නම නවක මන්ත්‍රිවරුන්ට දැම්මේ ජීවිතේට ඡන්දයකින් ජනාධිපති වෙන්න බැරිවුණු රනිල්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site