
(සුජිත් හේවාජුලිගේ )
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තු ක්‍රමවේදය, සභාවේ කටයුතු සහ කාරක සභාවන්හි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී නවක මන්ත්‍රීවරුන් දැනුවත් කෙරෙන බවද ඔහු කීවේය
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ලබන 18, 19 සහ 20 දිනවලදී සිදු කෙරේ.
එම කටයුතු වෙනුවෙන් නිලධාරී කණ්ඩායම් කිහිපයක් සූදානම් කෙරෙන බව කුලරත්න මහතා පැවසීය.
මේ කටයුතු සංවිධානය කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන්ම මේ අදහස ඉතාමත් වැදගත්. මූලික පිළිපැදිය යුතු වැදගත් දේ සාකච්ඡා කොට අවබෝධයක් ලබාදීම කාලෝචිතයි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ හැසිරීම සහ වාග් විලාශය පිළිබඳව පසුගිය කාලවල ඉතාමත් පහත් තත්වයකට වැටී තිබූ නිසා පොඩිදරුවෙකුටවත් සැසිවාර නැරඹීමට නොහැකිව තිබීම ඉතාමත් කණගාටුයි. එමනිසා මේ පිළිබඳව මෙම පුහුණු පාඨමාලාවේදී විශේෂ අවධනයක් යොමු කළ යුතුයි.
මේ සැරේ ඇතුළට ආපු පරණ අයට නම් parliament එක ඇතුලේ හැසිරෙන හැටි අලුතින් කියලා දෙන්නත් වෙයි. චාමර මහත්තයා, දිනේෂ් මහත්තයා එහෙම කලින් වගේ බෙරිහන් දීලා කතා කරන්න පටන් ගනියි පුරුද්දට...
තාමත් රනිල්ට කඩේ යනවාද?
ඕවා උගන්වන්න එන්නේ රනිල්ද?
එල් බෝර්ඩ් කියලා ජොලි සීයා බාල්දු කළ අය ඡන්ද 7,8 ලක්ෂයක් ගන්න කොට 76 කට රට කාපු රනිල් දන්න ඔක්කොම නැටුම් නටලා ගත්තේ ඡන්ද ලක්ෂ 5යිනේ... යකෝ..!
පුහුණුකරු ලෙස අපි ‘‘ලාල්කාන්ත‘‘ පත්කරමුද? එකෙන්ම ජෙප්පෝ මොකද කියන්නේ? එයා හොඳයි නේද?
එල් බෝඩ් කියන බජාර් එකේ නම නවක මන්ත්‍රිවරුන්ට දැම්මේ ජීවිතේට ඡන්දයකින් ජනාධිපති වෙන්න බැරිවුණු රනිල්...