
(අංජුල මහික වීරරත්න)
එල් බෝඩ් කාරයන්ට බලය දෙන්නට එපා යැයි රනිල් කට කැඩෙන තුරු මහජනතාවට කියූ නමුත් ජනතාව ඒ කතාව ඇසුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
දැන් ආණ්ඩුවට බැනලා වැඩක් නැතැයි කී අබේවර්ධන මහතා ඡන්ද දායකයන් විසින් ඒ අපරාධය කරගත් බව කීය.
වජිර අබේවර්ධන මහතා මේ බව පැවසූයේ "මහජන පරමාධිපත්‍ය බලගන්න මම යන තේමාව යටතේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල, අක්මීමන සහ හබරාදුව මැතිවරණ කොට්ඨාස බල මණ්ඩල රැස්වීම් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල් බෝඩ් ආවොත් එක එක හොරා හිරේ යයි කියලා කජු සීයා කිව්වාද? මට මතක නැහැනේ...
පින්තූරය දැක්කම තේරෙනවා, පට්ට experienced කට්ටියක් ඉන්න බව.
එල් බෝර්ඩ් කාරයෝ ආව නිසා කෙලවුනේ ඔහෙලාට මිසක් මහජනතාවට නොවෙයි ලොක්කා...
තමුන්නැහැලා ගසා කාපුවා දැන් එළියට එනවා. එල් බෝඩ් කාරයෝ හොඳයි .
අනේ වජිර, අපි කොහෙන්ද හිනා වෙන්න ඕනේ.... වැඩක් බලාගෙන ඉන්න.
හොරුන්ට හිරේ යන්න මරණ දඬුවම ලැබෙන්න වෙනවා කියලා නේද? අපිට නං හරි සතුටුයි.. ඉපදි ඉපදී මැරුනේ අපි අපේ රටේ නීතිය බල්ලාට දාලා අපි දුක් විඳින නිසා දැන් චක්කරේ මාරුවෙලා... සීයා, පප්පලා බයේ වෙවුලනවා. ඒවා බලලා අපි සැනසෙනවා. තවතව තදකරලා දාන්න ආණ්ඩුව...
වෙන මොනවත් කියන්න අවශ්‍ය නෑ. දෙවැනි ඡායාරූපය බලන්න. ඒ මිනිසුන්ගේ මුහුණු බලපුවාම තේරෙනවා බල මණ්ඩලේ කවුද ඉන්නේ කියලා. හරියට පැන්ෂන් පෝලිමේ හෝ ඉස්පිරිතාලේ ක්ලිනික් ආව අයගේ ඡායාරූපයක් වගේ. ඇදවෙලා, නිදිමත හැදිලා මානසික ආතතියෙන් පෙලෙන කිහිප දෙනෙක්...
ඉතිං දැන් මොකක්ද වෙලා තියෙන අපරාදේ...? ඔහෙලාට හොරා කන්න බැරිවෙච්චි එක ඇරෙන්න. පුළුවනි නම් ඔහෙගෙයි, ඔහෙගේ පවුලේ උදවියගෙයි සැබෑ වත්කම මහජනතාවට ඉදිරිපත් කරන්න...!
ලයිසන් තියෙන අය රට බංකොළොත් කරලා වල පල්ලට ඇරියානේ...
රනිල්, ජේ.ආර්, එම්.ආර් කරපු ඒවායේ අවසාන ප්‍රතිඵලය තමයි රට බංකොළොත් වුණු එක...
සභාවේ සිනහා...!
දැන් මොනවා වෙලාද? තමුන්ලා තමයි හැමදාම එල් බොඩ්, හැබැයි හොරකමට ප්‍රවීනයෝ. ඇවන්ගාඩ් යාලුවා එහෙම මතක ඇතිනේ, දැන් සජිත් එක්ක පෑහෙන්න යනවලුනේ, අපට නම් පසචාත් භාගයෙන් හිනා එනවා. තමුන්ලාට සදහටම ඔහොම මන්දිර ඇතුළේ සාකච්ඡා කරකර ඉන්න තමයි සිදු වෙන්නේ...
පරණ හොරු සෙට් එකම ඉන්නේ...!
මාරුවෙන් මාරුවට බලයේ හිටපු,රටම හොරාකාලා විනාශ කරපු,ජනතාව රවට්ටපු , බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ට වඩා එල් බෝඩ්කාරයෝ අපිට දාහෙන් සම්පතයි.
අයියෝ වජිර කොහෙන්ද මේ අහිංසක මිනිස්සු ටික හොයාගත්තේ.
ආ... ඇත්තටම.. පුරුදු කාරයෝ කරපු හැටි පේනවා. අම්මගේ රෙද්ද තමයි.. දැන් තමයි රට නිවැරැදි ලෙස ඔලුව උස්සන්නේ.. වහලා තිබුණු කම්හල් වැඩපොළවල් හාල්, වී, ගබඩා සේරම ඇරෙන්න පටන් අරන්.. මේවා දරා ගන්න බැහැ නේද? කොහොමත් ඔබට වැඩි කලක් ඔහොම ඉන්න වෙන්නේ නැහැ.. ඒක අමතක වුණාද පල් හොරු...!
JVP මැරයෝ සහ පරම්පරාගත වහල්ලු මොනවා කිව්වත් ඊළඟ පළාත් සභාව නැතිවෙනවා. කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාවක් නෑ...