
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) සිට පැවැත්වෙන තරග එහි ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල නොමිලයේ නැරඹීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එම ප්‍රේක්‍ෂකාගාරවලට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ට දොරටු අංක 6 යෙන් ක්‍රීඩාංගණයට ඇතුල්විය හැකි බව ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පවසයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) පස්වරුවේ සුදුසුකම් ලැබීමේ තරග දෙකක් ද, හෙට (22) තවත් සුදුසුකම් ලැබීමේ තරගයක් ද, අනිද්දා (23) අවසන් මහ තරගය ද, පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'අයිස්' වැස්සකට ඔබලා සූදානම්ද..??
ඔව් ඉතින් ඕක සල්ලි.දීලා.බලන්නේ කවු ද? වෙන රටවල ප්‍රීම් යර් ලීග් කියන්නේ වසින් වසර වැඩි දියුනු වන නැගී එන ක්‍ර්‍රිඩකයන්ට ජාතික කන්ඩායමට දොර අරින තරගාවලිය ක්.ඒකට අපේ t 20 ටීම් එකේවත් නැති අය කැප්ටන්ලා කරලාගහන ලීග් තමා තියෙන්නේ.
යූ එන් පී කාරයගෙ පරන ට්‍රික් එක.. ක්‍රිකට් පෙන්නල රටෙ ප්‍රශ්න වහපු එක. . බලමු කී දෙනෙක් මෙකට අහු වෙයි ද කියල..