(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මාරු කළේ දේශපාලන හේතුවකට නොවේ යැයි මහජන සෞඛ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කියයි.
මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කළේ ඔහුට විරුද්ධව ඉදිරිපත්වී තිබූ පෙත්සම් රැසක් සැළකිල්ලට ගැනීමෙන් පසුව යැයිද අමාත්‍යවරයා පවසයි.
මෙය තවත් එක් මාරු කිරීමක් පමණක් බව කී වීරසේකර මහතා හමුදාවේ වගේම පොලිසියේ ද ස්ථාන මාරුවීම් නිතර සිදු කිරීම සාමාන්‍ය දෙයක් යැයි ද කියයි.
එරික් පෙරේරා වැනි දක්ෂ නිලධාරීන් පොලිසියේ තවත් සිටිනවා. වෙන්නප්පුව ප්‍රදේශයට අලුතින් පත් කරන ලද සහකාර පොලිස් අධිකාරිවරයා ද එවැනි දක්ෂයකු බවත් සරත් වීරසේකර මහතා කීය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ පර්ලිමේන්තුවේ දි කළ පැණයකට පිළිතරු දෙමින් වීරසේකර මහතා ඒ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත ඇමැතිතුමෝ. ගෑවීලා නෑ ඉහින් කටින් තැවරිලා තියෙන්නේ.
තවත් පුස් කතාවක් . ඇමැති කිව්ව දේවල් එක්ක අර ලීක් වුණ ලියුම් එක්ක අපිට හිතාගන්න පුලුවන් වෙච්ච දේ.
පෙත්සම් නම් කීයක් ගහන්න බැරිද. ලංකාවේ ඉන්නේ පෙත්සම් කප්පිත්තෝ.
ඔය කටේ මසුරන් දාන්න වටිනවා. රෙදි ඇදගෙන ද කතා කරන්නේ?
දේශපාලනය ගෑවිලා නැ....හැබැයි අසූචි ටිකනම් දේශපාලකයන්ගේ ගෑවිලා ඉවරයි