IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි  නැමැත්තා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරිය සැකකාර මන්ත්‍රීවරයා සමග දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක රුපියල් 20000/= ක මුදලකට රාත්‍රියක් ගත කළ බවත් ,ඇය සරාගී තැනැත්තියක් බව සඳහන් කරමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කරමින් සංසරණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

එන්.පී.පී මන්ත්‍රිනියට අපහාස කළ පොහොට්ටු ප්‍රා මන්ත්‍රී අල්ලයි

සෙනෙවිරත්න Friday, 03 January 2025 12:23 PM

මොවුන් අම්මලා සහෝදර සහෝදරියන් නැති අය, මොවුන්ගේ හිටපු මහ එකා සම්මත කළ පනතින්ම උපරිම දඬුවම් දෙන්න. අනිත් අයටත් ආදර්ශයක් ගන්න..

:       7       57

අරවින්ද මොනරවිල Friday, 03 January 2025 12:40 PM

ඔය පෝලීම බොහොම දිග වෙයි ඉස්සරහට, තමන්ගේ ආණ්ඩුවක් නැති සොවින් අනුන්ට මඩ ගහන කට්ට්ය පරිස්සමින් !

:       9       48

පිටරටවැසියා Friday, 03 January 2025 12:55 PM

දේශපාලනය පැත්තකින් තබා, "කාන්තා සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ රාජ්‍ය මුදල්- දේපළ අයථා පරිහරණය/අවභාවිතාව" සම්බන්ධ වැරැදි වලට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ..

:       5       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site