
සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත.
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය සහ අධීක්ෂණ) පනත යටතේ මෙලෙස මෙරට ක්‍රියාත්මක සියලුම රාජ්‍ය නොවන සංවිධාන ඒ සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක වීමට අදහස් කරන සියලුම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි විය යුත්තේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ පමණි.
මහලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනයට අනුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ දැනටමත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධානවලටද නැවත වතාවක් රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්.... ඒවා නියාමනය කරන්නත් ඕනෑ. නැත්නම් N.G.O. නම් දාගෙන රට ඇතුළෙ මොන මොන න්‍යායයන් ක්‍රියාත්මක කරනවාද දන්නේ නෑ.
ඒ සමගම වාර්ෂික විගණන වාර්තා (පිළිගත් විගණන ආයතනයකින්) ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුයි. ලෝකයේ කිසිම රටක නොමැති විදිහටයි තමයි ලංකාවේ රාජ්‍ය නොවන (විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ ) සංවිධාන ක්‍රියා කරන්නේ...!
ඒ සමගම වාර්ෂික විගණන වාර්තා (පිළිගත් විගණන ආයතනයකින්)ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුයි. ලෝකයේ කිසිම රටක නොමැති විදිහට තමයි ලංකාවේ රාජ්‍ය නොවන (විශේෂයෙන් විදේශීය) සංවිධාන ක්‍රියා කරන්නේ...
ලියාපදිංචි නොවූ GO වලටත් මේක අනිවාර්යය කරන්න ඕනෑ.
ඉතාම හොඳ වැඩක්