(අංජුල මහික වීරරත්න)

එදා රජ දවස පාලකයන් අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරියා සේ අපත්  අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද කවුරු මොන දේ කිව්වත්  ගොවි ජනතාව අමාරුවෙන් සිටින බව කී විපක්ෂ නායකවරයා  අස්වැන්න ඉහළ ස්ථාවර මිලට විකුණාගත නොහැකි වීතිබෙන බව පෙන්වා දුන්නේය.

එදා රුපියල් අනූවකට අලෙවි වූ වී කිලෝව අද 14% ක් තෙතමනයට අඩු වී දැන් අලෙවි වන්නේ 114ට බවත් ගොවියා  ඉහළ පිරිවැයක්  දැරුවත් ගොවියාට  ලාභයක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඇලහැර රදවිගේඔය ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍යයේ මුල් ගල් තැබීමේ පුණ්‍යෝත්සව අමතමිනි.