
(ඩී.ජී.සුගතපාල)
විදේශ රටක සිට ගුවන් මගින් එවා තිබු පාර්සලයක මත්ද්‍රව්‍ය තිබිම හේතුවෙන් එම පාර්සලය ලබා ගැනිමට ගාල්ල ප්‍රධාන තැපැල් කාරයාලයේ විදේශිය පාරසල් අංශයට පැමිණි තරුණියක අද (10) සවස අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාරයංශය කියයි.
මෙසේ අත්අංගුවට ගෙන ඇත්තේ හබරාදුව තල්පෙ 20හැවිරිදි තරුණියකි.
මෙම පාරසලය Maria Guada Lopa Santos 27 Toledo Yuba City Ca 05 95991 යන ලිපිනයේ සිට එවා ඇති අතර එය ලබා ගැනිම සඳහා ඇය තවත් අයකු අද (10) තැපැල් කාරයාලයට පැමිණි අවස්ථාවේ විදේශිය පාර්සල් අංශයේ සේවකයන් විසින් එය පරික්ෂා කිරිමේදි එහි මත්ද්‍රව්‍ය බවට සැකකරන ද්‍රව්‍යයක් තිබිම නිසා ඔවුන් දෙදෙනා රඳවාගෙන රේගුවට දැනුම්දි ඇත.
පසුව රේගුව පැමිණ කරන ලද පරික්ෂණයේදි එම පරසලයේ තිබි කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1960ක් සොයාගෙන ඇත.
ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට දැනුම් දිමෙන් පසු එහි නිලධාරින් පැමිණ නිලධාරින් පැමිණ සැකකාර තරුණිය අත් අඩංගුවට ගන්නා ලදී.
COMMENTS
මේක තමයි කුඩුකාරයෝ අල්ලන්න පුළුවන් ක්‍රමය. කුඩු හොයා ගත්ත ගමන් රටටම කෑගහන්නේ නැතුව බඩු ගන්න එනතුරු බලලා අල්ලගන්න එකයි ක්‍රමය.
අයියෝ නංගී, තැපෑලේ වැඩකර අයිය කෙනෙක් එක්ක ආවා නම් සීල් නැතුවම පාර්සලේ ගෙදෙර ගෙනියන්න තිබුනනේ.