(අංජුල මහික වීරරත්න)

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්‍රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යයන ක්ෂේත්‍ර‍යේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යයන ආයතනයක් වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අණ හා මාණ්ඩලික අංශයන් දෙකෙහිම වෘත්තීය දැනුම හා අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද්දකි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 16 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 76 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 26 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 25 දෙනෙක් මෙන්ම බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ඕමානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගල්, සැම්බියා යන රටවල් නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීහු 11 දෙනෙක් මෙහිදී උපාධි ලබා ගත්හ.