
(බී.ජී.චතුරංග)
එඬරු ඇට යොදා ගනිමින් ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය කර එම ඉන්ධනවලින් තම වාහන ක්‍රියා කරවන වෛද්‍යවරයකු අනුරාධපුරයෙන් අද අපට හමුවිය.
එක් ලීටරයක් නිෂ්පාදනට රුපියල් 70ක් වැනි මිලක් වැය වන බව ද ඔහු පවසයි.
මේ වන විට නව නිපැයුම් කිහිපයක්ම සිදු කර ඇති ඒ මහතා වන්නේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාය.
මෙම ඉන්ධන නිෂ්පාදනය සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ පැවසීය.
"මෙම ක්‍රමය මගින් පරිසරය සියයට සීයක් සුරැකෙනවා සේම ඩොලර් ගැටළුවට ද පිළියමක් ලැබෙනවා, අපේ රටේ අත්හදා බැලීම් සිදු කළ විට එය පළමුව හඳුන්වා දීමට ම පමණක් සීමා වෙනවා. ඉන් එහාට යළිත් කතාවක් වත් නැහැ. මට වගකීමෙන් කියන්න පුලුවන් දැනට පවතින ඩීසල් වාහන සඳහා කිසිදු වෙනස් කිරීමකින් තොරව මෙය භාවිතා කරන්න පුළුවන්.
කෘෂිකර්මාන්ත වැඩ වලට යොදා ගන්න මගේ ටැක්ටරය, මගේ කැබ් රථය ධාවනය කරන්නේ පරීක්ෂණ සිදු කර අත්හදා බලා මා විසින් නිපදවන ඩීසල්වලින්.
දැනට ලෝකයේ පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය හමුවේ මම වසර පහළොවකට පමණ පෙර සිට සිදු කළ ජෛව ඉන්ධන සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවල සොයා ගැනීම් අනුව විශේෂයෙන්ම දැනට තිබෙන ඩීසල් හිඟතාවය ඇතුළු ගැටලු නිසා ජෛව කාබනික ඩීසල් නැමැති ඉන්ධනය මම නිෂ්පාදනය කළා.
විශේෂෙන්ම දැන් ලෝකයේ ජෛව ඉන්ධනවලට වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා. මොකද පෙට්ට්‍රෝලියම් ඉන්ධන අවසන් වී ගෙන යෑම ඊට හේතුවක් ලෙස දැක්විය හැකියි.
ජෛව කාබනික ඩීසල් නිපදවීම ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ අප්‍රිකානු වැනි රටවල වසර ගණනාවක් සිට නිෂ්පාදනය කරලා භාවිතා කරනවා. 2007 වසරේදී මම කරපු පරීක්ෂණවලින්, ලංකාවේ වැවෙන එඬරු කියලා ශාක දෙකක් තිබෙනවා, මේ ශාකවල තෙල් මනුෂ්‍ය පරිභෝජනය සඳහා භාවිතා කරන්නේ නැහැ. මේ ගස්වල විශාල වශයෙන් පල හට ගැනීම සිද්ධ වෙනවා වසරකට එම ඇටවල බරින් සියයට පනහක් හැටක් අතර තෙල් තිබෙනවා.
කාලීනව මතු වෙලා තිබෙන ගැටලුවක් සමග බයෝ ඩීසල්වල අවශ්‍යතාවය තියෙනවා කියලා මට හිතුණා. ඒ අනුව තමයි ඒ මම තව දුරටත් පරීක්ෂණ සිදු කරලා ඩීසල් නිපදවලා වාහන පරීක්ෂා කරලා බැලුවේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පුතේ, පරෙස්සමෙන්, නඩුවක් වැටෙන්න පුළුවන්. බලපත්‍ර නැති ඉන්ධන නිපදවීම කියලා...
ජයවේවා... වෛද්‍ය අධ්‍යක්ෂතුමනි. ඔබතුමා වැනි අගනා විද්වතුන් බොහෝසේ අවශ්‍ය කාලයක තමයි අප මේ ජීවත් වෙන්නේ. ඔබතුමාගේ මේ නව සොයාගැනීම අප රටට, ජනතාවට සහනයක්ම වේවා...
වර්තමාන වගකිව යුත්තන්ගේ ඇස යොමුවී මෙහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ සොයා බලාවි යැයි විශ්වාස කරමු.
මම කියවලා තියෙනවා බයෝ ඩීසල් අසාර්ථක වෙන්නේ අදාළ ශාක වගාවන් සඳහා අවශ්‍ය ඉඩම් නැති ප්‍රශ්නෙ කියලා...
ඕක හදන හැටි කිව්වොත් බස් කාරයින් අනිවාර්යයෙන් හදනවා. ඕක දේවාලේ වගේ කරන්න ගියොත් තියෙන එකත් නැතිවෙලා තමයි නවතින්නේ... ලංකාවේ දාපු ඔරකල් සිස්ටම් එකත් එක්ක..
මේ වගේ මොලකරුවන් තියාගෙන හිඟාකන රටක්නේ.. මේ වගේ අයට සප් දෙන්න බැරිතරම් ඔය ආමි එක කුඹුරට නොදා මේ වගේ ආදායමක් ලැබෙන රටට විදේශ විනිමය ගේන්න මේකත් හොඳ මාර්ගයක්...!
ඇයි හොඳින් පිරිපහදු කළ පොල්තෙල් වලිනුත් ඩීසල් වාහන දුවන්න පුළුවන්...!
නව නිපැයුම් කීයක් දැනට ලංකාවෙන් හඳුන්වලා දීලා තියෙනවද කිව්වොත් ප්‍රදර්ශනයකදී හඳුන්වාදෙන එම නිෂ්පාදනයේ උත්පත්තිය සහ අභාවය සිදුවෙන්නේ එකම දවසෙයි. එහෙම තමයි ලංකාවේ කොමිස් කාක්කෝ නව නිපැයුම්වලට තැන දෙන්නේ. එවැනි හොරුන් මකබෑවිලා යනකන් නව නිපැයුම් කරුවන්ට ඔලුව උස්සන්න හම්බවෙන්නේ නැහැ.