(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශාඛා සමිති ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
ඒ අනුව ජාතික යොවුන් පෙරමුණ, ලක් වනිතා පෙරමුණ ආදී ශාඛා සමිති සියලුම ආසන වල පිහිටුවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ජාතික යොවුන් පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද හිතුනේ? අනිත් කට්ටිය ඔය වැඩේ පටන්ගත්තේ පැරදිලා අර ජනේලේ දේශනය කරපු දවසේ ඉඳලයි. ඕවට දක්ෂයෙක්නේ එ් පැත්තේ වැඩේ දෙන්නේ. සල්ලි වලින් අඩුවකුත් නැහැ. ගණන් කාරයින්ගේ අඩුවකුත් නැහැ. මාධ්‍යවලින් අඩුවකුත් නැහැ. ඔය ගොල්ලෝ අවුරුදු තුන හමාරක් පොල් ගාලා දැන් එනවා සමිති තර කරන්න. සේරටම ඉස්සර වෙලා අරයගේ ඔලුවේ හයිවෙලා තියෙන රෝයල් අංතට්ටුව ගලවලා වැඩේ පටන්ගන්න.
සොරි ඩොට් කොම් තමයි දැන්...
අවු 4ක් ගියාට පස්සේ තමයි ශාඛා සමිති මතක් වෙලා තියෙන්නේ... දේශපාලන පළිගැනීම් වලට මොනවද කලේ? මේවට යන මෝල්ලුත් ඉන්නවනේ...
වරෙන් පුතා. එනකල් තමයි ඉන්නේ ඉලපතත් අරගෙන... මොකේද එන්නේ අර ඩියුටි ෆ්‍රී ප්‍රාඩෝ එකේද?
ඕනෑ විදියකට තරකර ගන්න. හැබැයි අපි අහුවෙන්නේ නෑ. මේ පාර සෙට් එකම ගෙදර යන්න. අපි නාගානන්දට..