(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නව ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් වෙනත් කිසිදු යුගයක නොවූ ප්රබෝධයක් අද ගම් තුළ ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
ගම්පෙරළිය වැනි වැඩසටහන් මගින් අද රටේ සෑම කොණක්ම ශීඝ්‍ර දියුණුවකට ලක්ව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පාට පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන් සිදුකරන බවත් සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේද කීය.
‘‘අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රජය මේ රටේ දැවැන්ත සංවර්ධන විප්ලවයක් කරගෙන යනවා. මේ වැඩපිළිවෙළ අපි කරන්නේ ගම සංවර්ධනය කිරීමේ චේතනාවෙන්.
ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා හැම ආසනයකටම මිලිය300ක් ලබාදෙන්න. ගම සංවර්ධනය කරලා රට සංවර්ධනය කරන වැඩපිළිවෙළක් එදා මෙදා තුර කිසිදු ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරලා නැහැ.
අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ට සමෘද්ධිය ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ පාක්ෂිකයන්ට පමණයි මේ අවුරුද්ද තුළ සමෘද්ධිය ලැබුණේ. අපි ඒ පිරිසගෙත් සමෘද්ධිය කප්පාදු නොකර එය හිමිවිය යුතු තවත් පවුල් ලක්ෂ හයකට ඒ සහනය ලබා දුන්නා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් 18 සහ 19 වැනි සංශෝධන ගැන කතා කරනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා 19වැනි සංශෝධනයට වෛර කරන්නේ ඇයි කියලා. 18 අහෝසි කිරීම නිසා ජනාධිපති අපේක්ෂකයෙක්වත් හොයා ගන්න බැරුව අද ඔවුන් බංකොලොත් වෙලා. අද පොහොට්ටුව දන්නවා 19 නිසා තමයි අද මේ රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අය 19 ගැන වෛරයෙන් පසුවෙනවා.
ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ව්‍යවස්ථාවට විරුද්ධ මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතූ පැතූ දේ 19න් කරන්න බැරිවූ නිසයි. ගෑනියෙක් පිරිමියෙක් කරනවා ඇරෙන්න අනිත් සියලු දේ කරන්න පුළුවන් වන ව්‍යවස්ථාව අපි වෙනස් කළා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 08වෙනිදාට පෙර පුනපුනා වේදිකාවේ කිව්වා මම යළිත් ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමා එයාගේම කණ්ඩායමක් දාලා කියවනවා අපේ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා කියලා. එතුමා නැවත ජනාධිපති වුණත් එතුමාට මේ තියෙන බලයවත් නැති වෙනවා කියලා එතුමා දන්න නිසා තමයි දැන් මේ 19ට විරුද්ධ වෙලා තියෙන්නේ
තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් නිසා ජනතාවගේ පරමාධිපත්‍යයත් එක්කයි හිටපු ජනාධිපතිවරයාත් වර්තමාන ජනාධිපතිවරයාත් කටයුතු කරන්නේ.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අපේ රජය ජනතාවගේ අවශ්‍යතාවයන්, උන්නතිය වෙනුවෙන් කැපවී ක්ර්රියාකරද්දී තමන් ශක්තිමත්ව බලය රඳවා ගන්නේ කොහාමද කියන එක ගැන විතරක් අද ඒ අය කතා කරනවා’’ යැයිද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ ඔව්, ප්රබෝධය කියන්නේ පුදුම ප්රබෝධයක් තියෙන්නේ... අපේ ගමේ මිනිස්සු සල්ලිවලට කරගන්න දෙයක් නැතුව ආණ්ඩුවට බැනබැන ඉන්නේ මේ යක්කුන්ට පිස්සුද මන්දා..? අපිට මොකටද මෙච්චර සල්ලි කියලා. කොච්චර ප්රබෝධයක් ඇතිවෙලා තියෙනවද කියනවා නං පොසොන් පෝයට පන්දාහේ කොළ දන්සැලකුත් දුන්නා. ගමේ පොඩිඑවුන් වැහි කාලෙට බෝට්ටු හදන්නේ දාහේ නෝට්ටු වලින්... ඔබතුමාලගේ වගේ ආණ්ඩුවක් ලබන්න අපි ජාති ජාතිත් පින් කරන්න ඕනෑ...
අනේ ඔව් මල්ලියේ... මුළු රටේම ගම්, නියම් ගම් මග බලා ඉන්නේ රිලව් 225ම... ඒ ඒ අදාළ ගම්වලට එනකම් සාදරයෙන් පිළිගැනුමට...
ලංකාවේද ඔය කියන ඒවා කරන්නේ? අපි නම් ඔය කියන ඒවා දැකලා නම් නෑ. බාගෙට නැවතුණු ඒවා නම් පේන්න තියෙනවා...
ජනතාවගේ අතමිට සරු කළේ, රැකී රක්ෂා 10 බිහිකළේ, සංවර්ධනය ඇති කළේ මේ රජයයි.
මෙයාලා දකින සිහින මාලිගාවල තරම පේනවා නේද? පව් මොනවා කරන්නද?
ඔව් ඔව්, ප්රබෝධය වැඩිකමට තාමත් කඩුත් අහුවෙනවා. වරෙන්කො ඡන්දෙ ඉල්ලන් ගමට ප්රබෝදේ පෙන්නන්න.
කොයි ගමේද? පදිංචිය මාරු කරන්න ඕනෑ... ඔය කියන ගමට... අපේ ගමේ කිසිම ප්රබෝධයක් නැහැ..
මල්ලි ඔළුවෙන් නොවේ කකුල් දෙකෙන් හිටගෙන බලන්න...
ප්රබෝධය කියලා වැඩක් නැත...
හොඳ වෙලාවට ඕක අරලිය ගහ මන්දිරයේදී කිව්වේ..පාර තොටක කිව්වා නම්....
මෙයාලව පිස්සන්කොටුවට යවලා... ඒ පිස්සන් පාර්ලිමේන්තුවට යැව්වා නම් මීට වැඩිය හොඳට රට කරාවි.
සමෘද්ධිය දුන්නට මනාපය ලැබෙන්නේ නැහැ.
ඒ කියන්නේ මෙතුමාට අනුව තව කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඉතින් මෙයාලත් එක්ක මෙතැනින් එහාට ගිහින් වැඩක් නෑ නේ. ගෙදර යන්න නේ..?
ඔව් ඔව් ගම් පෙරලිය නෙවෙයි. ඔහෙල දැන් රටම පෙරලලා තියෙන්නේ. මෙයත් අර රන්ජන් කියපු කොකේන් කාරයෙක්ද කොහෙද?
කඩේ යන එකෙත් සීමාවක් තියා ගන්න... ඔච්චර කළා නං මහ මැතිවරණයක් තියපල්ලකෝ..
රටේ මෙන්ම ගම්වල ඇත්තේද යූ.එන්.පී... පලිබෝධයි.
ඔබතුමාගේ අම්ම පව්... එතුමියටවත් පාඩුවේ ඉන්න පුළුවන් විදියේ කතා කිව්වොත් හොඳයි මින් පස්සේ...
මන්ත්‍රීතුමා, ඔය කියන ප්රබෝධය බලාගන්න පුළුවන්... 'සරමක් ඇඳගෙන ඔලුවෙන් හිටගත්තා නම්..'
හම්මේ... දැනෙන සනීපේ.. කියලා වැඩක් නැහැ. සල්ලි සාක්කුවල පිරිලා.
කෝල් ඒකක් දීලා මොරටුවේ රාවතාවත්තට වරෙං ආරක්ෂකයන් නැතුව...
ඔය කියන ගම පිබිදීම අවුරුදු හතරකම මිනිස්සු දැක්කා. කාට බොරු කළත්, මෙදා ජනතාව අන්දවන්න යන එකට නම් උත්තර ලැබේවි. ඡන්දයක් තිබ්බොත් ඔය225 ටම බලන්න පුළුවන් වේවි..
ඇත්තද? ඔබලාට සැලකීමට ඔබලා ගමට එන තෙක් ගමේ ජනතාව මගබලා සිටියි.
අනේ මන්දා, අපතයෝ පාර්ලිමේන්තුවේ ඉන්නකොට රටට දෙවි පිහිටයි. මේ අය ඉන්නේ මේ ලෝකෙද නැතිනම් කුඩු ගහලා සිහින ලෝකෙකද?
අම්මේ ඔව් මල්ලි ප්රබෝධය ඉහවහා ගිහින්. මිනිස්සුන්ට පිස්සු හැදිලා ඉන්නේ ප්රබෝධය වැඩිකමට.. මල්ලි ඔයා ටිකක් ඇහැට, කනට පේන කොල්ලා.. පරිස්සමෙන් ඉන්න හොඳේ..