(දසුන් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරයට කතානායක කරූ ජයසූරිය මහතා පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ නියෝජිත භික්ෂූන් වහන්සේලාගේ අත්සන් සහිතව සකස් කළ විශේෂ ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මෙම ලිපියෙහි පිටපත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියෝජිතයන්, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු මහජන නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද යොමුකර ඇත.
පක්ෂ නායක ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ලිපිය මගින් ඉල්ලා ඇති අතර කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායක ධූරයට පත් වුවහොත් එය පිළිගෙන ඔහු සමඟ පක්ෂයේ ප්‍රගමනය උදෙසා කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ද ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳම හොඳ අදහසක්... ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ අර පුත්‍ර රත්නය සහ පිරිවර කකුලෙන් අදින්න ගත්තාම මොකුත් කරන්න බැරිවෙනවා.
රටම අවුල් නොකර සජිත්ව පත් කරන්න.
මේක රනිල්ගෙයි මහින්දගෙයි වැඩක් වගේ
එක්සත් ජාතික පක්ෂයේ තියන ඡන්ද ටිකත් ඉවරයි
එක එක නායකයන් ගරු මහා සංඝ රත්නයට ඕනෑවට පත්නොකර රනිල්, සජිත්, කරු මහත්තුරු තිදෙනා සමගිව මේ පක්ෂය ඉදිරියට සාකච්චා මගින් ගෙනයාම කලයුතුයි. ඡන්දයක් ඉවර වුනාම ගල් වැහි වැසීම සාමාන්‍ය කරුණක්. මේ ක්‍රමයත් වහාම නතර කලයුතු වෙනවා. සමගිය සාකච්චාව තුල ජයග්‍රහණය ඇත.