
(නිමල කොඩිතුවක්කු)
කඩා වැටී ඇති එක්සත් ජාතික පක්ෂයට ජනතා ආකර්ශනය දිනා දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකිම තමන් බාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (15) පැවසීය.
පක්ෂය ශක්තිමත් කර ජයග්‍රහණය කරා මෙහෙයවන ගමනට එක්වන්නැයි පාක්ෂිකයන්ට, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සහ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් වලට තමන් ආරාධනා කර සිටින බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව සිදුකරන ජනතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කරමින් ශක්තිමත් විපක්ෂයක් බිහිකිරීමට තමන් කැපවන බවද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ දෙක හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මම ගැන විශ්වාසය තබලා පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට පත්කරලා තිබෙනවා. මේ දැවැන්ත පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරියේ දී දැවැන්ත කාර්ය භාර්යයක් තිබෙනවා. ඒ කැපවීම කරන්න මම සූදානම්.
එම ගමනේදි අපට බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. පාක්ෂිකයන්ගේ සහ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් සියලු දෙනා එකමුතු කරගනිමින් පක්ෂය ශක්තිමත් කිරීමට මම කැපවෙනවා. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා ලබමින් ආගමට දහමට ලැදිව ඒ ගමන යන්න මම අපේක්ෂා කරනවා.
තරුණ නායකත්වයක් පක්ෂයට අවශ්‍යයි කියලා පක්ෂය තුළ මතයක් තිබෙනවා. පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරලා අලුත් මුහුණුවරක් ගත යුතුයි කියන ස්ථාවරයේ මමත් හිටියා. ඉදිරියේදී ඒක කිරීම අවශ්‍යයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීමට මගේ අපේක්ෂාවක් නැහැ. මේ පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යාම මගේ එකම අරමුණයි. ලබන සතිය වනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා සුදුසු අයකු පාර්ලිමේන්තුවට යවන්න අපි කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට දැවැන්ත සේවයක් කරපු පක්ෂයක්. දැවැන්ත නායකයන් හිටපු පක්ෂයක්. ඒ තැනට ආපහු මේ පක්ෂය හදලා ගන්න අවශ්‍යයි. ඒ කැපකිරීම කරන්න තමයි මම ඉදිරිපත් වෙලා ඉන්නේ. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු පිරිස ඒකරාශී කරගනිමින් මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තිබේ නම් නායකත්වය බාරගැනීමටත් මම ලෑස්තියි.
සමගි ජනබලවේගයේ ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ගිය කණ්ඩායමක්. එහි ඇතැම් පිරිස් මාත් එක්ක මේ දවස් කිහිපයේදීම සාකච්ඡා පැවැත්වුවා. ඒ අයගේ හිතේ තාමත් එක්සත් ජාතික පක්ෂය තිබෙනවා. ඒ අයත් එක්ක ඒකරාශීවී විපක්ෂයේ වගකීම අපි ඉටුකරනවා.
දැන් රජය 20 වන සංශෝධනය ඉදිරිපත් කරලා තිබෙනවා. එහි විශාල අඩුපාඩු තිබෙනවා. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් අපේ රජය සමයේදී 19 වන සංශෝධනය ඉදිරිපත් කළා. ඉන් මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට හැකිවුණා. 20න් ආපහු ඒකාධිපතිත්වයක් කරා ගෙනියනවා. මේ ආණ්ඩුව ජනතාවිරෝධී කටයුතු කරනවනම් ඒවාට විරුද්ධ වෙන්න අපි පසුබට වෙන්නේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූගත්තු, වාචාලයෝ, ඩීල්කාරයෝ ඈත් කරලා හොඳ ටීම් එකක් හදාගත්තොත් මිනිස්සු ආයේ ඡන්දෙ දෙයි. ඉමිතියාස් බාකිර් මාකර් වගේ සියළුම ජාතීන් ගරුකරන චරිතවලට නැවත ආරාධනා කරන්න. සුබපැතුම්..!
මුලින් රට දිනවන්න වැඩකරන්න. එතකොට පක්ෂය එබේම දිනවෙයි.
රටේ සියලුම දෙනාගේ පැතුම ඔබයි. පක්ෂය දිනවීම ඔබතුමාට පමණයි කරන්න පුළුවන්.
වගකීම බාරගන්න පුළුවන්.. ඒත් දිනවීම..?
සුබපැතුම්, සහ පළමුවෙන්ම පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. පක්ෂ මාරු කරන අයට ආසනය සහ සාමාජිකත්වය අහෝසි කරන්න. උසාවි නඩු ඇති අයට නාමයෝජනා නොදෙන්න. කල්ලිවාදය අහෝසි කරන්න. තම වාසියට නැවත එන්නන්ට පක්ෂ සාමාජිකත්වය නොදෙන්න. උපරිම විනයක් ඇති පක්ෂයක් සහ සාමූහික වගකීම රකින්න පුළුවන් අලුත් කණ්ඩායමක් අවශ්‍යයි..
පසුගිය මැතිවරණයේදී නම් ලැබුනේ ඡන්ද 500කටත් වඩා අඩු ඡන්ද ගණනක්...
අපට ඔබ විශ්වාසයි.. අපි බලාගෙන ඉන්නවා.
රනිල්ගේ උපදෙස් නැතිව පක්ෂය ගොඩනගන්න නම් රනිල්, රවී, දයා, මංගල, අකිල ගාවාගන්න එපා. හොඳ තරුණ පිරිසක් යොදාගන්න.
පුළුවන් නම් ලබන සැරේ ආසනය දිනවලා පෙන්වන්න.
අනිවාර්යයෙන්ම ඔබතුමා අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා .
එජාපය දිනන්න ජනතා ආරක්ෂණයක් ගන්න කියලා කවුද ඕකෙ ඉන්නේ?
අලුත් විදිහට අලුත් මුහුණුත් එක්ක පටන් ගත්තොත් මිනිස්සු සලකලා බලයි.
එජාපය පැරදවීමේ වගකීම ලක්ෂ 69ක ජනතාව බාර අරගෙන තියෙන්නේ..