(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෙළි කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරණයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන එක්ව ලබන පස් වැනිදා පිහිටුවනු ලබන ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එකඟතාවය ඇතිව ජනාධිපතිවරණය ජයගත හැකි හොඳම අපේක්ෂකයා සුදුසුම වේලාවේදි ප්‍රකාශයට පත් කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ තම පක්ෂය කිසි විටක ජනාධිපතිවරණ අපේක්ෂකයා සුදුසු වේලාවට කලින් ඉදිරිපත්කර පිළුණු කිරීමට සූදානම් නොමැති බවයි.
ලබන පස් වැනිදා නව පෙරමුණ පිහිටුවීමත් සමඟ සිදුකෙරෙන්නේ සියලු පක්ෂ එක්ව ගිවිසුම්ගත වීම බවද සිරිකොත ප්‍රකාශකයා කීය.
2015 වසරේදී පිහිටවූ පෙරමුණටත් වඩා ශක්තිමත් පුළුල් පදනමක් සහිතව මෙවර ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ පිහිටුවන බවද සිරිකොත ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වරණයෙන් පසුවම හෙලිකොරන්න.
එදාටත් පුලුවන් වෙයිද දන්නේ නැහැ...
කරදර වෙන්න එපා මහ ලේකම් තුමෝ. ජනතාව පුල පුලා බලාගෙන ඉන්නවා කියලද හිතන්නේ? ඔය කව්රු නම්කරත් වැඩක් නෑ.
සාමන්යයේන් ඔහොම කරන්නේ ඉදිරිපත්නොවී බැරි හින්ද කියල ඕන කෙනෙක් දන්නවා. හරියට නිකන් ඔලිම්පික් වල මීටර් 100 ෆයිනල් රේස් එකට දුවන්න ලංකාවෙන් කාව හරි ඉල්ලපුවම ඉදිරිපත් කරවනවා වගේ වැඩක්. හැබැයි මෙයාල කතාවට කියන්නේ නම් අපිට ඕන තරම් ජනපති අපේක්ෂකයෝ පක්ෂේ ඇතුලේ ඉන්නවා කියල. එත් අන්තිමේට ඉදිරිපත් කරන්නේ කෙහෙන් හරි කඩාපාත්වෙන කෙනෙක්ව .
මේ කියන්න හදන්නෙ මීළඟ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්නෙ නැහැ කියන එකද?
කාකොටා ගන්න හැටියට කවුරුවත් ඉතිරි වෙයිද?
පිළුණු කරන්නේ නැතිව බැරිද ජනාධිපතිවරණයෙන් පස්සෙම ඔය අපේක්ෂකයා නම් කරන්න. එතකොට එයාට හැඩ වැඩ වෙන්න අවුරුදු කීපයක් තියනවනේ... නම් කළත්, නොකළත් ජනතාව නම් දැන් තීන්දු කරලා ඉවරයි.
ඡන්දෙන් පස්සෙම දෙමු නේද..? මොකද ඉතින් මුලින් දැම්මා කියල දිනන එකක්යැ...
මම සහ අපේ මුළු පරම්පරාවම (සර්වජන බලය ලබුණුදා සිට) එක්සත් ජාතික පාක්ෂිකයන් එ්ත්... නැවත නම් අපි එයාලට ඡන්දයක් දීමට සූදානම් නැහැ. මේ දෙගොල්ලන්ම පක්ෂය සහ රටම විනාශකළා... අපි නාගානන්ද සමගයි.
මේ පාරත් වැඩ හදපු සමනලයෙක්ද?
එජාපයෙන් එකෙන් සක්කර දෙයියෝ ගෙනත් නැෂනල් එකක් අන්දලා දැම්මත් මේ සැරේ දිනනවා බොරු...
මොනවා වුණත් ඒක තමා නියම සූක්ෂම ක්‍රමේ... ඉක්මන් වුණු රනිල් 2005 පැරදුණා.. ෆොන්සේකා 2010 පැරදුණා, මහින්ද 2015 පැරදුණා. 2020 තරගෙට ඉක්මන් වුණා... ලෝයර් පට්ටම ගැලවුණා කැසිනෝකාරයා, කුණු ගෙනාපු කැසිනෝ අයිති කෙනා, හොර ගණිත ගුරා, ඇමරිකාව යට කරනවා කිව්ව රජුන්ගේ පැවත එන තුමා, අහිංසක මිනිස්සු මරන් කන්න හදන කඩ වහන්න හදන මැණික් මුදලාලි මේ වෙනවිට විසිවී ඇත. වියදම් කරපු සල්ලි ගඟට කැපූ ඉනි වෙලා. ඊළඟට විසිවීමට නියමිත අය වන්නේ ඇමරිකන් පුරුවැසියා සහ සෙන්සර් මහත්තයා...
ඔයාලා හිතන් ඉන්නේ කව්රු දැම්මත් දිනනවා කියලනේ ඉදිරිපත් කරලා බලන්නකෝ කොහොමද කියලා අපි මේ බලාගෙන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කරන කල් අපි එයාට ඡන්දෙ දෙන්න
මේ පාර නාගානන්දට නොදුන්නොත් රටම අනාථයි. මිනිස්සු මෝඩ නැහැ අපහු පරණ නඩේට දෙන්න. රටම කෑවා ඔය දෙගොල්ලම. ඇත්තට සිතා බලන්න ඔබටත්, මටත් මොවුන් කළ සේවය මොකක්ද? රටම හිඟන්නෝ කළා. හැබැයි උන් හැදුණා.
ඇයි ජනාධිපති ප්‍රතිඵල නිකුත් කළාට පස්සේ කිව්වා නම් ගොඩාක් හොඳයි... ඇයි දන්නවද ඔයාලා කාව දැම්මත් පරාදයි.
ජනාධිපතිවරණයෙන් පසු හෙලිකලොත් නරකද?