(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර ඔවුන්ගේ රහස් ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රිවරුන් පිරිසක් අගමැතිවරයා වෙත ලිපියක් යැවීමට කටයුතු කරමින් සිටිති.
එම ලිපියට අද (9) පස්වරු වන විට එජාප මන්ත්‍රීවරුන් 55 දෙනෙක් අත්සන් තබා තිබෙන බවද වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් එම අත්සන් එකතු කිරිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාක්ෂිකයින්ට තමන්ගේ පළාතේ තමන් නියෝජනය කරන අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නැති, මහජන නියෝජිතයින් යයි කියා පක්ෂයකයින් ගෙවන වැටුපට සහ සහන පැකේජයට සේවය කරන අයටවත් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නොමැති, පක්ෂ නායකයා විසින්ම නම් කරනු ලබන පක්ෂය විධායක සභාව යයි කියාගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් සැදී මේ උතුම් වූ තරුපහේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දිගින් දිගටම පැරදෙමින් යන නායකයාට විරුද්ධව ඉදිරිපත් කරන ලිපියක්ද...?
ලිපි ලියා පලක් නොමැත. අලුත් මුහුණක්, අලුත් මුහුණුවරකින් අලුත් සලකුණක් සහිතව සටනක් දීමට රනිල් සහ සජිත් තීරණය කර ඇතිබව තවම නොදන්නේද?
"එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ පක්ෂ සහ කණ්ඩායම් විසින් පුළුල් ප්රජාතන්ත්රවාදී පෙරමුණක් සඳහා ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් පසුගිය 5 වෙනිදා හැදීමට ගිය සංධානය බකල් කළේ කව්දැයි දැන් හෙලිවේගෙන එන බවත් කියනවා...
සජිත්ලාගේ මුළු පවුලම බුදුදහම අතහැර අන්‍ය ආගමකට ගොසින්ය. ඒක නිසා බෞද්ධයින් මේ ගැන හොඳට සිතත්වා..!!!
බලය තමා වෙතම තබා ගැනීමට විවිධ උපක්‍රම යොදාගැනීම නායකත්වයේ සිරිතයි..
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට බලයක් නොමැති, පක්ෂ නායකයා විසින්ම නම් කරනු ලබන පක්ෂ විධායක සභාව යයි කියාගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් සැදී මේ උතුම් වූ තරුපහේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දිගින් දිගටම පැරදෙමින් යන නායකයාට විරුද්ධව ඉදිරිපත් කරන ලිපියක්ද?
මොන සන්ධානයකින් ආවත්, කවුරු ආවත් යූ.එන්.පී එක මේ පාර අනිවාර්යයෙන් පරදිනවා. කැපුවත් කොළ මානසිකත්වයකින් ඉන්න උදවිය සජිත් වගේ කෙනෙක් ආවොත් ඡන්දය භාවිතා කරාවි.. ඒත් මධ්‍යස්ථ ඡන්ද නම් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. සිංහල ජනතාවට යූඑන්පී සියළුදෙනා එකතු වෙලා කරපු කෙනෙහිලි කම්වලට මොවුන්ට ජනාධිපතිවරණයේදී නියම පිළිතුර ලැබේවි. මෙහෙම කියන්නේ මමත් 2015දී මේ අය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අයෙක් නිසයි.
දැන් යහපත් පුරවැසියන්ට අවශ්‍ය, බලලෝභී නොවන, උගත්, ජාත්‍යන්තරය සමග උරෙන් උර ගැටෙන්න පුළුවන් ලෝකයම පිළිගන්නා කෙනෙක්. තව දුරටත් බලයට කෑදර, පැරදුණාම ගෙදර නොයන, පුරාවස්තු කොල්ලකන, මේ රට අයිතිය තියෙන්නේ අපේ අප්පොච්චිලාටයයි නොසිතන නීතිගරුක මහත්මයෙක්. එහෙම නොවුනොත් මේ රට තව දුරටත් ඉතුරු වෙන එකක් නැහැ. අසුර ලෝකය ලෙස ලංකාව නම් කරන එක නතර කරන්නත් බැහැ.
සජිත් වැරදි මගක යවපු සැමදෙනාම රටට වැරදි ආදර්ශයක් දෙමින් ඉන්න බව දැනගත යුතුයි. පක්ෂයක් ලෙස තීන්දුව ගන්න පෙර තමන් ජනපති අපේක්ෂකයා බව රටට ප්‍රකාශ කිරීමම විනයක් නැති පහත් ගතියකි. තමන්ට තැන නොලැබුණත් එසේ නොකිය යුතු නොවේද? හරියට පොඩි ළමයි වගේ. රටේ පාලකයෝ කියන කරන දේවල් නිසා ඔවුන්ව ඔවුන් විසින්ම පහත් තත්වයට ඇද දමාගන්නවා. බුද්ධිමත් වැඩිහිටියන් අතර සජිත් අද හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ එයා නැතුව වෙන කාටවත් කරන්න බැරි නිසා ජනාධිපතිකම එයට ලියල දිලා වගේ කියන කතා නිසයි. සද්දේ දාලා බිය ගන්නලා කරන්න බැහැ. නිශ්ශබ්දව ක්‍රම සහ විදි අනුව පමණයි කරන්න පුළුවන් වෙන්නේ. එජාපය පරාද වුනත් සජිත් හා එයාව මෙලෙස පුම්බන අය කියන තාලෙට නැටුවොත් මෛත්‍රිට දීලා වූ වින්නැහියට වඩා වින්නැහියක් තමයි වෙන්නේ. 1994 වෙත්දී අන්තයටම ජනතා අප්‍රසාදයට පත්ව තිබුණු එජාපය අද තත්වයට ගන්න ගල්පාර වලට පවා ලක්වෙමින් රනිල් බැටකමින් මහා මෙහෙවරක් කලේ රනිල්ගේ සියුම් ප්‍රඥාවෙන් හා උපාය කෞශල්‍ය ඥානයෙන්. නැතුව සජිත්ගේ හපන්කමකින් නොවෙන බව කිව යුතුය.
කවුරු ආවත් අපගේ රට කනවා.
ලියුම් ලියලා හරි රට වෙනුවෙන් සරත් ෆොන්සේකා දාන්න. සජිත්ගේත් අතීතය සුදුම නෑනේ. ආපහු අම්මා, අක්කා, නෝනා ඔක්කොම ජනාධිපති මන්දිරේ පාලනය අතට ගනීවි...
11 වෙනි ඉරිදා කැළණි පන්සලේදී බලාගන්න ලැබෙයි "ඡන්දදායකයින්ට ඇස්බැන්දුමක් සපයමින්" දේශපාලන ප්‍රචාර සාර්ථකව කරන්න ඕනෑ කොහොමද කියලා. හයිරන් පාර්ට් මඟින් නාමයෝජනා ලබාගැනීමේ වැඩ පිළිවෙලේ තවත් පියවරක් ලෙසට12 වෙනි සඳුදා බදුල්ලේ වීල්ස් ක්‍රීඩාංගණයේදී කරන්න යන නාඩගම ඡන්ද ව්‍යාපාරයක්ද, නැත්නම් තමන්ගේ පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද කියලත් වැඩිකල් යන්නට පෙර කාටකාටත් තේරෙයි.