(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සුවිශේෂී රැස්වීම බ‍්‍රහස්පතින්දා (26) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර එහිදී 2019 ජනාධිපතිවරණ අපේක්ෂක තෝරා ගැනීම සිදුවේ.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තේරීම සඳහා බ‍්‍රහස්පතින්දා (26) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සූදානම් කර ඇති බවත් එහි ප‍්‍රකාශකයකු ලංකාදිපයට පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9/1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත් කරනු ලබන නාමයෝජනා කමිටුව විසින් ජනාධිපතිවරණ අපේක්ෂක කවුරුන්දැයි කෘත්‍යාධිකාරි මණ්ඩළයට දැනුම් දීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත්කරන නාම යෝජනා මණ්ඩලය පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම්දීම සම්ප‍්‍රදාය ලෙස පවතී.
නාම යෝජනා මණ්ඩලය විසින් නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් කළ යුතු වේ.
ඡන්ද විමසීමටද හැකි වන ආකාරයට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීම සඳහා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය මේ වනවිට සූදානම් කර පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ගුටිකෑමට නියමිතයි...
නාමයෝජනා මණ්ඩලය හෝ කෘත්‍යාධිකාරි මණ්ඩල හෝ නොව අපේක්ෂකයා දිනවන්නේ අපේක්ෂකයා දිනවන්නේ ඡන්ද දායකයා වේ. ඒක එහෙම නම් ඉල්ලුමට සැපයුම ලබාදිය යුතුයි. දිනන්න නම් මේක මගේ මතයයි...
මේක නිකන් සුදුවක් වෙලා පාක්ෂිකයා කලකිරිලා කායකයා ඇතුළු කණ්ඩායම වගකිවයුත්තෝ කියා හිතේ.....................
තෙලෙන් බැද්දත්, කිරෙන් පිසුවත් තිත්ත තිබ්බටු තිත්තමයි.
පාප් වහන්සේව තෝරනවා වගේනේ
කෘත්‍යාධි කාරී මණ්ඩලය පත් කලේ රනිල් නම් ඉතින් වෙන්නේ මොකක්ද කියල රටම දන්නවා.