IMG-LOGO

එච්.එන්.ඩී.ඊ - ශිඇට් කඹ ඇදිල්ලෙන් සිසුන් අමාරුවේ

 

(යොහාන් භාසුර)

මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ දෛනික පිරිසිදු කටයුතු සති කීපයකට සිට නොවීම හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවට පවත්ව සිටිති.

වැසිකිළි පද්ධතිය, නේවාසිකාගාර, ආපනශාලා, ගොඩනැගිලි සහ පරිසරය පිරිසිදු නොකිරීම හේතුවෙන් ඇති වී ඇති දුර්ගන්ධය සහ මදුරු තර්ජනය හේතුවෙන් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් ඇති වී තිබේ.

නේවාසිකාගාර පිරිසිඳු නොකිරීමෙන් දැඩි අපිරිසිදු තත්වයට පත්වීම නිසා සිසු සිසුවියන් සඳහා නේවාසිකාගාර ලබානොදෙන තත්වයකට පත්ව ඇති බව ද උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සංගමය චෝදනා කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය යටතේ මෙම උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය පාලනය වන බවත් එම ආයතනයේ පරිපාලන දුර්වලතාව හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් එම සංගමය කියයි.

මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ පරිපාලනය සහ උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ කඹ ඇදිල්ලක් හේතුවෙන් පිරිසිදු කිරීමේ ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද එම සංගමය වැඩි දුරටත් චෝදනා කරයි.

ඡායාරූප:

මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය පිරිසිදු නොකිරීම හේතුවෙන් ජරාකීර්ණ වී ඇති ආකාරය 

 



අදහස් (1)

එච්.එන්.ඩී.ඊ - ශිඇට් කඹ ඇදිල්ලෙන් සිසුන් අමාරුවේ

fairoos Tuesday, 08 March 2022 01:02 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව ගිය දවසට තමයි ලංකාවට සෙත.. මේ කරන අපරාධයට හෙණ 7ම වදිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site