(දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියාවේ අඩිලේඩ් නුවරදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 10 කින් ඉන්දියාව පරාජය කළ එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගැනීමට සමත් විය. එංගලන්ත පිතිකරුවෝ ඕවර 16 කදී කිසිවකු නොදැවී ලකුණු 170 ක් ලබාගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

අවසන් මහ තරගය ලබන ඉරිදා (13 වැනිදා) එංගලන්තය සහ පාකිස්තානය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න