IMG-LOGO

එක්ස්ප්‍රස් පර්ල් වන්දියට ’’බකට්’’ එකක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීම සඳහා  නැව අසලට යෑමට නොහැකිවීම හේතුවෙන් එම පරිසර හානිය සම්බන්ධයෙන් වන්දි ගැනීමට පවරා ඇති නඩුවේදී   ශ්‍රී ලංකාවට අවාසිදායක  තත්වයක් ඇති වනු ඇතැයි පරිසරය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45ක කාලයක් පමණක් බවත් නඩු පැවරීම නෞකාව අයත් සිංගප්පූරුවේ  කිරීම අවාසි සහගත බවත් පරිසරවේදීහු සහ නීතිඥවරු පිරිසක් එම කාරක සභාව හමුවේ  පැවසූහ.

නැව අසලට  යෑම අනතුරුදායක බව පැවසීම නිසා නැව තුළ මෙන්ම නැව අසල පරිසර හානිය තක්සේරු කිරීමට බාධා මතුව ඇතැයි හානිපූර්ණය ගණනය සඳහා පත් කෙරුණු විද්වත් කමිටු සාමාජිකයෝ  පෙන්වා දුන්හ.

මේ අනුව එම නෞකාවේ ඉතිරිව ඇති කොටස් ආසන්නයට ගොස් හානිපූර්ණය ගණනය කිරීම සඳහා සාම්පල  ගැනීමට විද්වත් කමිටු සාමාජිකයන්ට පහසුකම් සම්පාදනය කරදෙන ලෙස පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට(මීපා) සහ ජාතික ජලසම්පත් පර්යේෂණ  හා සංවර්ධන නියෝජිත ආයතනයට (නාරා) උපදෙස් දුන්නේය.

අනතුරට අදාළව ඇමරිකානු ඩොලර් කෝටි 600 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාල විද්වත් කමිටු වාර්තාව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින්  නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ  ඇති බවත්  නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ යුතු බවත් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා  ප්‍රකාශ කළේය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ එම වාර්තාව පදනම් කරගෙන වන්දි මුදල් ලබා ගැනීමට නඩු පැවරීම කඩිනමින් කරන බවයි.

මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසරය  පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අප්‍රේල් 25 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.

එක්ස්ප්‍රස් පර්ල්  නෞකාව මෙරට මුහුදු සීමාවේදී  2021 වසරේදී  අනතුරට පත්වීමෙන් විශාල සමුද්‍රීය පරිසර විනාශයක් සිදුවිය.



අදහස් (2)

එක්ස්ප්‍රස් පර්ල් වන්දියට ’’බකට්’’ එකක්

Nimal Friday, 07 April 2023 04:59 PM

මොන දෙයක්වත් හරියට කරගන්න බැහැ මේ අයට... හොරා කන එකයි, බදු ගහන එකයි ඇර...

:       0       19

පැරකුම්Friday, 07 April 2023 10:17 PM

වැරැද්ද එතැන නෙවෙයි. අකාර්යක්ෂම නිලධාරීන්ට නිසිකළට නිසි දඬුවම් නොදීමයි වරද...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site