කොරෝනා වයිරසය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා රටවල් 40කට උපකරණ යැවීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය කටයුතු කර තිබේ.
න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කරමින් කොරෝනා වයිරසය සම්බන්ධ පරීක්ෂණ වඩාත් වේගවත් කිරීමට එම රටවලට එමගින් හැකිවන බව එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය විශ්වාසය පළකරයි.
ඉරානය, ඊජිප්තුව, කෙන්යාව, නයිජීරියාව, තායිලන්තය, වියට්නාමය, කියුබාව, පේරු සහ උරුගුවේ යන රවටල මෙම පළමු උපකරණ කට්ටල ලබාදීමට සූදානම් කර ඇති අතර ඒවායේ වටිනාකම යූරෝ මිලියන හතරක් හෙවත් ඩොලර් මිලියන 4.37කි.
ශ්‍රී ලංකාවටද මෙම උපකරණ ලැබීමට නියමිත ව ඇත.
රෝග විනිශ්චය යන්ත්‍ර සහ කට්ටල, ප්‍රතික්‍රියාකාරක, රසායනාගාර උපකරණ හා පුද්ගලික ආරක්ෂක උපකරණ මෙලෙස ලබා දෙයි.
සමාජික රටවල් 90ක් කොරෝනා වයිරස පරීක්ෂාවට සහාය දෙන ලෙස ඉල්ලා ඇති බව ද පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි.
එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති ඒජන්සිය ඉරානය වැනි රටවල න්‍යෂ්ටික පරීක්ෂණ කටයුතු සඳහා දැඩි විරෝධයක් පළකරන නමුත් සාමකාමී සහ මිනිසාගේ පැවැත්මට හානිකර නොවන කටයුතු සඳහා න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් රටවලට උපකාර කිරීමට ද කටයුතු කරයි.
කොරෝනා වසංගතය ලෝකයේ දියුණු රටවල වෛද්‍ය හා සෞඛ්‍ය පද්ධති සියල්ල පරයමින් ව්‍යාප්තවන අතර වයිරසයේ ව්‍යාප්තිය, ස්ථානගතවීම පිළිබඳ පූර්ව නිගමනයන්ට එළැඹීමට හෝ එම රටවලට නොහැකි වී ඇත. එබැවින් දියුණු වෙමින් පවතින රටවල තත්ත්වය ඊටත් වඩා දරුණු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළකරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සියෙන් කොරෝනා පරීක්ෂණ සඳහා උපකරණ