
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ට හිමිවූයේ උණුසුම් පිළි ගැනීමකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නහියන්ගේ තුන්වන ඉන්දීය නිල සංචාරය මෙය වෙයි. ගෙවී යන දශකයක කාලය තුළ ඔහුගේ පස්වැනි ඉන්දීය සංචාරය ද මෙය යැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
2024 සැප්තැම්බර් මාසයේ දී අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ සංචාරය සහ 2025 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය සහ ඩුබායි ඔටුන්න හිමි කුමරු වන හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ සංචාරය ඇතුළු මෑත කාලීන ඉහළ මට්ටමේ සංචාර මගින් දෙරටේ සබඳතා ශක්තිමත් කර ගෙන ඇති අවම්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
ඉන්දීය විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය උණුසුම්, සමීප සහ බහුවිධ සබඳතා බෙදා ගන්නා අතර, ශක්තිමත් දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික සබඳතා මගින් ඒවා ශක්තිමත් වන බවය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඔහු හමුවන විදෙස් රාජ්‍ය නායකයන් සමග මෝටර් රථයක ගමන් කරමින් සුහදතා වඩාත් වර්ධනය කර ගැනීමට පෙළෙඹී සිටී. මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සමග ද මෝටර් රථයෙන් ගමන් කිරීම මාධ්‍ය අවධානය දිනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd