IMG-LOGO

එකවර ඇමතුම් 8 ක් නොමිලයේම ගතහැකි සන්නිවේදන උපකරණයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)


දුරකතන ඇමතුම් 8 ක් එකවර ගතහැකි පරිදි, සිම්පත් 8 ක් එකවර භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක්, රවුටරයක් සහ කිනිසි දෙකක් සමඟ   නිට්ටඹුව කල්එළිය ප්‍රදේශයේදී   පුද්ගලයකු අද (28)  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සිම්පත් විදේශ රටවලට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව සහිත ඒවා බවද හෙලිවී ඇතැයි පොලිසිය කියයි.

මෙම සන්නිවේදන උපකරණ මෙරට නිෂ්පාදිත ඒවා බවට පොලිසිය සැක කරයි. එම නිවැසියාද පොලිස් බාරයට ගනු ලැබ ඇත.

වේයන්ගොඩ පොලිසිය  ත්‍රිරෝද රියක් සෝදසියට ලක් කළ අවස්ථාවේදී  වෙනත්  අයෙකුගේ බවට සැක කරන විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත්  කාන්තාවන් දෙනෙකු හා තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් අයකු කොළඹ ප්‍රදේශයේ පල්ලිවලට කඩු බෙදා හැරිය බව කියන සැකකරුගේ බිරිය බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

පල්ලි‍වලට කඩු බෙදාහැරිය බව කියන සැකකරු දින දෙකකට පෙරදී බිරිය සමඟ  කල්එළියේ නැගණියගේ නිවසට පැමිණ ඇති බවද අනාවරණයවූ බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් හා නඩු භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.



අදහස් (2)

එකවර ඇමතුම් 8 ක් නොමිලයේම ගතහැකි සන්නිවේදන උපකරණයක්

sarath Sunday, 28 April 2019 04:47 PM

‘‘ඉන්දියාවේ තව්හිද් ජමාත් සංවිධානය තහනම් වුණාට එහි ප‍්‍රධානියෙක් වන සාකීර් තායි කරන පීස් ටීවී ආයතනය තහනම් වුණාට ඒ කිසිවක් ලංකාවේ තහනම් නැහැ. ඔවුන්ගේ ආධාර අනුබල ලබන තව්හිද් ජමාත් කණ්ඩායම් අපරාධ කිරීමට මිනිසුන්ගේ ඔළු ගෙඩි නිර්මාණය කරනවා’’...

:       0       7

dkosdi Monday, 29 April 2019 04:10 AM

කඩු කොස් කොටන්නද ?

:       2       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site