IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එක්ව වැඩ කර ජය ගමු

(අංජුල මහික වීරරත්න)

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට පැමිණි කඩුවෙල ආසනයේ සජබ පළාත් පාලන නියෝජිතයෝ පක්ෂ දෙකේ එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුද සජබ පළාත් පාලන ආයතන නියෝජිතයෝද සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මෙම එකතුව රටට හොඳ අවස්ථාවක් බවයි. 1991දී දෝශාභියෝගයෙන් පක්ෂය දෙකට කැඩෙන්න තිබූ නමුත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට ආරක්ෂා කර ගනිමින්  ඉදිරියට යාමේ වගකීම තමා බාර ගත් බවයි.

තලතා අතුකෝරළ  මහත්මියගේ සහෝදරයාත් තමාට එදා උදව් කළ අතර දැන් තලතා අතුකෝරළ  මහත්මිය සියලු පාර්ශ්ව වලට කතා කොට පක්ෂ එකතු කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.



අදහස් (18)

එක්ව වැඩ කර ජය ගමු

Kamal Sunday, 12 January 2025 01:52 PM

ඔයා අයින් වුණා නම් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන්...

:       24       67

ravin Sunday, 12 January 2025 02:07 PM

ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කිව්වානේ... ඊට නරකද කකුල් මාට්ටු නොදා වැඩකර ජයගමු කිව්වා නම්...

:       17       59

End Game Sunday, 12 January 2025 02:27 PM

රනියා හිතන්නෙම පක්ෂයේ නායකකම ගැන. අනිත් අයට බණ කියනවා.

:       20       63

Kazi Shajahan Sunday, 12 January 2025 02:36 PM

දැන් අපට වැටහෙනවා... ඔබතුමා හිටියා නම් හොඳයි කියලා... මෙයාලා බොරු කාරයෝ... නිකන් පෙට්ටි කඩයක් වත් කරපු නැති මිනිස්සුන්ට අපි ඡන්දය දීලා කෙළවා ගත්තා.

:       92       30

චතුරි Sunday, 12 January 2025 05:57 PM

කාසි ඔයා කෙලවාගත්ත තැන තියෙන්නේ මෙතැන නෙමේ... අතන හොර නඩේ දැන් කප්පම් පගාකුඩු, බිස්නස් අතයට ගනුදෙනු වලට තිත මේවා කරන්න තමයි රනිල් නඩේ මයිනා ඇතුළු නඩේ දුන්නු දායාද ඔය සේරම බුදුන් වැඳලා පටන් ගන්නේ මිනිසුන් විනාශ කරන්න මැරුණු දවසට ඔය සේරටම කෙලවන්න බලන්නේ ඉන්නේ... අපායේ මහ මොලකරු ඉපදුණු ගමන් තියෙන මොලේ තමයි ඔය සේරටම තියෙන්නේ... මොලේ වැඩිලා නැහැ... නැත්නම් කෙලවගත්තා කියන්නේ මොකටද? ජීවත් වෙලා තියෙන්නේ මිනිසුන්ට කෙලවාගන දැන් සනීපද?

:       5       24

Rata Perata Sunday, 12 January 2025 02:46 PM

මේ වගේ දුර්වල මිනිහෙක් දේශපාලනේ ඉඳලාම නැතිව ඇති.. ගොළු නැති නිසා කයිය ගහනවා.. එච්චරයි.

:       20       65

sugath Sunday, 12 January 2025 02:48 PM

මේක මහ කරදරක් වුණානේ...

:       12       60

බකල ජය් Sunday, 12 January 2025 03:07 PM

මෙතුමාට වගා සංග්‍රාමයක් වගේ කරලා රට දියුණු කරන්න ඉඩදෙන්න. ජනගහන ප්‍රශ්නයටත් විසඳුමක්...

:       10       15

පම්පෝරි ජනක Sunday, 12 January 2025 03:42 PM

රනිල්ට කවුරුවත් එක්ක එකට වැඩ කරන්න බැහැ බලයට පෙරේතයි, සිරිසේන සමග කරපු යහපාලන දිගේ තමයි එකට හොඳම උදාහරණේ, ටික දවසක් යනකොට අනිත් ඔක්කෝම හලලා එයාට ඔක්කෝම බලය රැස්කරගන්න තක්කඩි වැඩ කරනවා...

:       11       50

Chathuri Sunday, 12 January 2025 03:50 PM

මෙයාලා අවුරුදු ගාණක් එකතුවෙලා කෙරුවේ හොරා කාපු එක... ජනතාවට ගින්දර දීලා කිසිම විනයක් නැහැ. නීතියක් නැහැ. පාතාලේ අය වටකරගෙන හරියට ලෝකෙන්ම සල්ලිකාර රට පාලනය කෙරුවා වගේ ආරක්ෂකයෝ 200ට වැඩියි. හොරා කන හින්දා බයයි. මේ සේරම බර ජනතාව පිට පටවලා දැන් එකමුතුකම ගැන කියන්න එනවා. වීජේවීර කාලේ මේ රට ඒ කට්ටියට බාර දුන්නා නම් අද මේ රට මුලු ලෝකෙම ඉහළින්ම වැජඹෙන ලස්සන පෝසත් රටක්... මෙයාව කූඩුවට දාන්න..

:       10       42

ගමේ එකාලා Sunday, 12 January 2025 04:26 PM

පහුගිය කාලවල තමුන්ගේ කෙරුවාවල් අපි හොඳාකාරවම දැක්කා. අසමගි ජනබලවේගය එක්ක වැඩ කරන එක හීනයක්...!

:       8       28

ChamaraMonday, 13 January 2025 05:58 AM

මේකත් ජනාධිපතිවරනයත් පොහොට්ටුවෙන් support නැති නිසා ස්වාධීන අපේක්ශකයෙක් වගේ ඉල්ලලා පොහොට්ටුව දෙකට කැඩුවා වගේ Game එකක්. SJB or සජිත් ගෙ support එක කෙලින්ම ගන්න බැරි නිසා ඉස්සෙල්ලම පොඩි නගර සබාවක සෙට් එකක් ගෙනත් කතා කරලා press conference එකක් තියලා පෙන්නනවා SJB

:       0       0

ජගත් ලියනගේ Sunday, 12 January 2025 04:51 PM

එජාපයට සහ සජබෙට ඡන්දයකින් බලයට පත්වෙන්න පුළුවන් වන්නේ, රනිල් දේශපාලනයෙන් සදහටම සමුගත් දවසටයි...

:       8       34

Surain Sunday, 12 January 2025 09:05 PM

ඔයා තමයි සියලු ප්‍රශ්න වලට හේතුව ඔයා ගිය දවසට ඔය පක්ෂ දෙකේ සියළු අර්බුද ඉවරයි... ඒක නිසා දැන්වත් අයින් වෙන්න...!

:       5       15

වික්‍රම විදුර Sunday, 12 January 2025 10:37 PM

අපේ සලිල් නාස්ති කරගෙන ජිම් කාටර් ගෙ අවමගුලට යන්නෙ නැතෙයි? නරුමයා

:       1       1

kamal Monday, 13 January 2025 02:46 AM

ඔබ unp එකෙන් ඉවත් වෙන්න. නැවත පක්ෂය බැබළෙනු ඇත

:       0       0

Saliya Monday, 13 January 2025 06:49 AM

මූ චන්ද 20ක් විතර පරාජයට ලක්වෙලා නායකත්වයේ ඉන්න ගමන්, අනෙත් අයට කියනවා නායකත්වය ගැන හිතන් නාහ්ටුව එකතු වෙන්නලු... ඉස්සර තමන් ආදර්ශයක් දෙන්න ඕනේ. ඕකෙන් ඉවත් වෙලා

:       0       1

Rohana Monday, 13 January 2025 10:34 AM

මැතිවරණ පරාජය වෙනවිට සමගිය හා පෙරමුණු මතක්වෙනවා. මැතිවරණයෙන් රනිල් දිනුවනම් සමගිය ගැන කතා නෑ. මේවාට කියන්නේ හතුපිපෙන පෙරමුණු මිසක් ප්‍රතිපත්තිමය වශයෙන් එකතුවන පෙරමුණු නොවෙයි.මේකෙ තහනම් වචනයකුත් තිබෙනවා. ඒක තමයි එජාප නායකත්වය ඉල්ලීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site