
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ජීප් රථය ඊයේ(30) පොලිස් භාරයට ගෙන ඇත.
වාහන අලුත් වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට වසර එකහමාරකට පමණ ඉහතදී එම ජීප් රථය මහරගම පොලිස් වසමේ අපේක්ෂා බෝධි විහාරාධිපති හේනගම ධම්මදාන හිමියන් විසින් ලෑන්ඩ් රොවර් වර්ගයේ ජීප් රථයක චැසියක් , ටයර් හතරක් , සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
අනතුරුව වරින්වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් ගෙනත් දුන් බවත් පසුව මාරවිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 14- 1/2 ක මුදලකට එන්ජිමක් ගෙනත් දුන් බවත් එම ඇන්ජිම මේ වන විට මෙම ජීප් රථයට සවිකර ඇති බවට වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසියේ සඳහන්කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන චීවරධාරියා වහාම අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ, චෝදනාව ඔප්පු වුණොත් චිවරය ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ අපේ බදු මුදල් වලින් බුද්ධශාසන අමාත්‍යංශයක් නඩත්තු කරන්නේ පොල් ගාන්න නොවේ.., මෙහෙම දෙයක්වත් කරන්න බැරි නම් බුද්ධ ශාසන අමාත්‍යාංශයකින් ඇති වැඩකුත් නැත. සාසනය ආරක්ෂා කරන්න නම් හාමුදුරුවරුන්ට ව්‍යාපාර, ටියුෂන් දීම තහනම් කරන්න පනතක් ගෙන එන්න ඕනේ. පන්සල් වලට අයිති දේපල, වාහන පරිපාලනය, දායක සභාව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් කරන්න ඕනේ... සාසනය විනාශ කරන්නේ මුස්ලිම්, කතෝලික මිනිස්සු නොවේ. චීවර දරාගත් මෙවැනි බිස්නස් කාරයින්ය..!
ඉක්මනින්ම නිවන් යන්න වෙන්න ඇති.
අනිවාර්යයෙන්ම හාමුදුරුවරුන්ට බිස්නස් තහනම් කරන්න පනතක් ගෙන එන්න ඕනේ... වංචා, දූෂණ, හොරකම් වලට අහුවෙලා අධිකරණයෙන් දඬුවම් ලබන පුද්ගලයින්ගේ චීවරය ඉවත් කිරීමට නීති පනවන්න ඕනේ... සිවුරු දරන්න සහ බිස්නස් කරන්න දෙකක් බැහැ. එකක් තෝරාගන්න කියන්න. දැන්මම මේවා නොකළොත් තව අවුරුදු 10-15 යනකොට හාමුදුරුවරුන්ට විවාහ වෙන්න අවසර ඉල්ලලා උද්ඝෝෂණ කරන්නත් ඉඩ තිබෙනවා...