(යොහාන් භාසුර)

කොළඹ කොටුව සිට බදුල්ල  බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය කොටගල  සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතරදී අද (31) පස්වරුවේ පීලි පැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.

එම දුම්රියෙහි මැදිරි 04 ක් පිලි පැනීමකට ලක්ව ඇති බව කී එම නිලධාරියා මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ මෙම එකම දුම්රිය කට්ටලයම මෙම මාසය තුල පමණක් අවස්ථාවන් පහකදී  නාවලපිටිය හා බදුල්ල දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය  ස්ථාන අතරම  පිලී පැනීමකට ලක්වීම බවද එම නිලධාරියා සඳහන් කළේය.