(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)
ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දීමෙන් එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
එම සැකකරුවන් දෙදෙනා ද 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකි,
සැකකරුවන් සියලු දෙදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලිසිය කියයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් ජයසිරි නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය සදහන් කරයි
යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන් ට ඝාතනයට ලක්වූ පුද්ගලයා අවවාද කිරීම සිද්ධියට ආසන්නම හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහල් ගත කිරීමත් සමගම පාසල් සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වෙළෙඳ සැල සැලක සැඟවී සිටි පාසල් සිසුවෙක් පොලිස් භාරයට ගැනීමත් සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහරදීමට උත්සාහ දැරූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කෙරිණි.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොහෙවත් යන නොදන්න එවුන්ට උපදෙස් දෙන්න පුලුවන්ද එහෙම. තමන් කියන දේ සාමාන්‍යයෙන් පිලිගන්න කෙනෙක්ට උපදෙස් දෙන්න පුලුවන්. මහ විපතක් වෙලා තියෙන්නේ. කුඩුකාරයො වෙන්නත් පුලුවන්. මනස ව්කුර්ති වෙලානේ. උපදෙස් පිලිගන්න මිනිස්සු හරි අඩුයි. කොම්පුයුටර් ගේම්/ චිත්‍රපටි හේතුවුනා වෙන්නත් පුලුවන් ඔච්චර දරුනු වෙන්න. පරිස්සමෙන්.
රෝං ජෙනරේෂන්ම තමයි...