(දසුන් රාජපක්ෂ)
පැය හතරක කාලයක් තුළදී එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ සේවාව මගින් හැඳුනුම්පත නිකුත් කරන වේලාව මෙම ක්‍රමවේදය යටතේ දැනුම්දෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (21) පැවසීය.
මෙම සේවාව නිසා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට පෝලිම්වල සිට අපහසුතාවයන්ට මුහුණ දෙමින් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සිටීමට අවශ්‍ය නොවන බව ද වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට දිනකට පුද්ගලයන් 150 ක් අධික පිරිසක් පැමිණෙන අතර ඒ හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ඇති වන අධික තදබදය මෙම සේවාව නිසා නැති වන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට දිනකට පුද්ගලයින් 150ක් අධික පිරිසක් පැමිණෙන අතර" 150ක්...? වෙන්න බැහැ. මම හිතන්නේ දහස් ගණනින් එනවා.
මගේ හැඳුනුම් පත තවම ලැබුනේ නැහැ දැන් මාස 6ක් ඔවුන් කියන්නේ මුද්‍රණයට කාර්ඩ් නැති බව. මේවා බොරු සෝබන වැඩ.
වැඩේ තරමක් හොඳයි, ඒ වුණත් අර වෙන රටවල වගේ විනාඩි පහළොවෙන් කවුන්ටරෙන්ම හැඳුනුම්පත මුද්‍රණය කරලා දෙන ක්‍රමේ පටන්ගන්න පුළුවන් ඉල්ලුම්පත්තරේ පියුන් කෙනෙක් අතේ සිතල කාමරේකට ටයි පොලු දාගෙන ඉන්න කෙනෙක්අ ලඟට අරන් ගිහින් අනු අත්සන ගහන වැඩෙත් නතර කරලා, කවුන්ටරේ ඉන්න කෙනාටම බලතල දුන්න නම්. මොකද අනු අත්සන ගහන කෙනා ගොට්ට අල්ලාගෙන ගොයන් කපන්න ගිහින් උන්නොත් මලා.
ක්ෂනික කොත්තු රොටි විකුනනවා වගේ ජාතික හැඳුනුම්පත් රජය විසින් මිනිස්සුන්ට විකුනන කාලයකුත් එයි වගේ !!! - ජාතික හැඳුනුම් පතක් පැය හතරෙන් අරන් කරන්න තියෙන මහ ලොකු වැඩේ මොකක්ද?
ඉහත අදහස් අනුවනම් මට හිතෙන්නේ ජනතාවට සෙතක් කලත් එයටත් විරුද්ධ වන අපි, වචනයේ අර්ථයෙන්ම කුහක ජාතියක් බවයී. මා, හැදුනුම් පතක් ඉල්ලා දැමු අයදුම්පත මාස කිහිපයකට වඩා කල්ගොස් තමා මට හැදුනුම්පත නිකුත් කලේ. ඒ හේතුවෙන් මටනම් පුදුම සන්තෝසයක් මේ ප්‍රවෘත්තිය සමග දැනුනේ. ඇයී අප ජාතියක් හැටියට මෙතරම් කුහක සහ සෑම දෙයකම වැරැද්ද පමණක් හොයන්නේ ?
ඕක මහා ලොකු කජ්ජක්ද? ඕක හරි නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් කළයුතු වැඩක්... කරන්න තියෙන්නේ සියලු ලිපි ලේඛන ලේකම් කාර්යාලයේ අදාළ නිලදාරියෙක් විසින් බාරගෙන ඔහු ගිහින් හැඳුනුම්පත් ලබාගෙන ජනතාවට බාර දීමයි. ඕක කරගන්න බැරුව ලතැවෙන රජයේ සේවයක් සහ සිස්ටම් එකක්නේ තාම ලංකාවේ තියෙන්නේ... උදාහරණයකට එක ලේකම් කාර්යාලයකට අයත් මිනිස්සු 10 දෙනෙක් වෙනවෙනම හැඳුනුම්පත් ගන්න එකම දවසේ ගියාම වැයවෙන මුදල කීයද.., කාලය කොපමණද? එම ලියකියවිලි 10ම එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් රැගෙන ගොස් පැමිණියොත් කොතරම් මුදලක් සහ කාලයක් ඉතුරු වෙනවද..? සංකීර්ණ ප්‍රශ්නයක් සහ ඉතාම සරල උත්තරයක්... ගැඹුරින් හිතන්න. වැඩේ ලේසියි. පිට රටවල් වල ජනතාව අපහසුතාවයට පත්කරන්නේ නැහැ. අනිත් ලොකුම දේ තමයි... මගේ හැඳුනුම්පත අරගත්තේ වයස 16දී... දැන් මගේ වයස 54 යි. අදටත් මම පාවිච්චි කරන්නේ වයස 16දී ගත්ත පින්තූරය සහිත හැඳුනුම්පත...
මෙය වෙන රටවල වගේ විනාඩි කිහිපයකින් ලබාගත හැකි විය යුතුයි. නිලධාරිවාදය නිසා බැහැ. දවසකට 1000 කට වඩා හැඳුනුම්පත් සඳහා එනවා. 150 ක් නෙවෙයි.
අඩු පහසුකම් යටතේ ජංගම සේවයෙන් පැය 4 වැනි මුද්‍රණය කරලා හැදුනුම්පත් නිකුත් කරන්න පුලුවන්නම් සියලු පහසුකම් සහිත නිත්‍ය කාර්යාලය තුල මාස 3-4 ගතවෙන්නේ කොහොමද ? මේවා ඔක්කොම උවමනාවෙන්ම පගාව ගන්න මිනිස්සු රස්තියාදු කරන්න කරන වැඩ. මේ රට හදන්න නම් ඔක්කොටම ඉස්සරවෙලා පගාව මර්ධනයට වෙනමම ඒකකයක් ස්ථාපිත කරලා එකවර අල්ලස් නඩු 10 වත් අහන්න පුළුවන් විදහට නඩුකාරයෝ 10 වත් සහිත විශේෂ උසාවියක් ස්ථාපිත කරන්න ඕනේ.
ලංකා මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා... හැඳුනුම්පත්..., ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත් සඳහා අයදුම්පත් ඉතා ලෙහෙසියෙන්ම පරීක්ෂාකර බලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරගන්න පුළුවන්..., ඉන්පසුව සතියකට වරක් හෝ දෙවරක් අවට තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7-8 කම මෙම ලිපි ලේඛන එකතු කරගෙන රජයේ වාහනයකින් කොළඹ අදාල කාර්යාලයට ගෙනත් බාරදෙන්න පුළුවන්.... වාහනය ආපසු යනවිට කලින් සතියේ බාරදුන්නු වැඩ නිමකළ හැඳුනුම්පත්, ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර නැවත රැගෙන යන්න පුළුවන්..., එතකොට කොළඹ වාහන තදබදයත් අඩු වේවි...!!! මිනිස්සු බොරුවට රස්තියාදු වෙන එක අඩු වෙනවා.. ජනපතිතුමනි, කරුණාකර මෙවැනි ක්‍රමයක් ක්‍රියාවට නගන්න.