IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එකට බීලා පොල්ලෙන් ගසා මිතුරා මරාදමලා

(සුමිත් පොතුපිටිය) 

එකට මත්පැන් පානය කල මිතුරන් දෙදෙනෙකු අතර ප්‍රේම සම්බන්යධක් මුල්කර ගනිමින් ඇතිවූ කතාබහකින් පසු  එකෙකු අනෙකාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත්බවත් කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර, මහ වස්කඩුව කන්ද පන්සල පාරේ පදිංචිව සිටී රේමන් ජයතිස්ස  නැමැති  67 තිදරු පියෙකු බව පොලිසිය කීය.

සැකකරු සහ මියගොස් ඇති තැනැත්තා මිතුරන් බවත් අයෙක් පැවැත්වූ බව කියන අනියම් ප්‍රේම සම්බන්දයක් ඇතිවූ කතාබහක් දෙදෙනාගේ ආරවුලට මුල්වි ඇති බවත් පොලිසිය කීය.

පහරදීම සිදුකල බව කියන එම ප්‍රදේශයේම පදිංචි  සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පොල්ල භාරයට ගෙන  ඇති බව පොලිසිය කීය.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

එකට බීලා පොල්ලෙන් ගසා මිතුරා මරාදමලා

Bamunuarachchi Sunday, 05 November 2023 04:29 AM

නැත්තම් වැඩේ සම්පූර්ණ නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site