
(යොහාන් භාසුර)
ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මක නොවූ සංකල්පයක් වන එක රටක් - එක නීතියක්” තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවසති.
“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වූ අතර එහිදී ඔවුහු මේ බව කියා සිටියහ. කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැලණිය, රජරට, වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 18ක් නියෝජනය කරමින් පිඨාධිපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු සහ විද්‍යාර්ථයෝ මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාර්ය සාධන බලාකය ස්ථාපනය කරනු ලැබීය.
ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් සහ යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් වූ අතර කාර්ය සාධක බලකායේ අදහස් විමසීමේ රැස්වීම් මාලාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකි බව එහි සභාපති ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ප්‍රකාශ කළහ.
සරු පසට - සරු පොළවට සභ්‍යත්වයට - ශිෂ්ටාචාරයට, සංස්කෘතියට ගරු කළ නිදහස් රටක් එදා අපට උරුම විය. අධිරාජ්‍යවාදීන් අපෙන් උදුරාගත් ඒ රට, සියලුදෙනා එක්ව නැවත ඉල්ලා සිටිය යුතු බව උන්වහන්සේ සඳහන් කළහ. මහපොළවේ ඇති ගැටලු ඇති සැටියෙන් හඳුනාගෙන විසඳුම් දීමේ නව ප්‍රවේශයක් ලෙස කාර්ය සාධක බලකාය ඉදිරියට යන බවත්, හොඳ අරමුණු පොත්වල ලියා තැබීමෙන් පමණක් ඵලක් නොවන අතර ඒවා ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපකිරීම් කළ යුතු බවත් සඳහන් කළ උන්වහන්සේ ත්‍රස්තවාදය පරාජය කළත් බෙදුම්වාදය පිළිබඳ අදහස පරාජය කිරීමේ වගකීම තවමත් අප අතර තිබෙන බව ද කියා සිටියහ. ඒ සඳහා උගතුන් සහ බුද්ධිමතුන් සමග උඩුගම්බලා පිහිනීමට තම කණ්ඩායම සූදානම් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
විදේශීය නීති අතරට ස්වදේශීකබවක් එක් කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත යුතුය. එක් ජන කොටසකට, සීමිත පිරිසකට අසාධාරණයක් සිදුවන විෂමතා නීතියේ තිබේ නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවත් කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මැජික් ලියවිල්ලක් නොවේ. මූලික නීති සංකල්ප එහි අන්තර්ගතය. ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව එකම නීතියක ආධිපත්‍යයක් සහිත රටක් ගොඩනැගීම අවශ්‍ය බව ද විවිධ ජනවර්ග, සංස්කෘතින් හා භාෂා පැවතීම රටකට ඇති ශක්තියක් සේම වටිනාකමකි. කිසිදු ජන කොටසකට නොරිදෙන සමාජ සාධාරණත්වයක් හා සමානතාවක් වෙනුවෙන් සියලුදෙනා කැපවිය යුතුව අතර එක රටක් - එක නීතියක් වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපරිම සහාය ලබා දෙන බව ද මහාචාර්යවරිය පැවසුවාය.
“එක රටක් - එක නීතියක්” සඳහා යන ගමනේ දී නීති පිළිබඳ සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් සිසුහු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකින් එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියහ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමත් ධර්මරත්න, රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර, රජරට විශ්වවිද්‍යාලයේ පරිසර කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජේ.එම්. එස්.බී. ජයසුන්දර, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික පීඨයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්.ඒ.එම්. ෆවුසර්, වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසංක පල්ලේගෙදර, වව්නියාව විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ගයාන් බණ්ඩාර, කථිකාචාරිනී සලීකා ෆාරුක්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති සම්පත් පුංචිහේවා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් දේවසිරි, මහාචාර්ය සර්වේශ්ස්වරන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හලීම් අලිබකර්, යාපනය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාර්ය ෂාරණ්‍යා සමිත්තම්බි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වූ අතර සූම් තාක්ෂණය ඔස්සේ ද ආචාර්ය මහාචාර්යවරු සහ ශිෂ්‍යයෝ අදහස් දැක්වූහ.
එක රටක්- එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආවරණය කරමින් අදහස් හා යෝජනා ලබාගනිමින් සිටී.
තවද කාර්ය සාධක බලකාය අමතා වේලාව වෙන් කර ගත් විවිධ සංවිධාන හා ඒවායේ නියෝජිතයන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාලයට පැමිණ අදහස් දැක්වීම කළහ.
කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, එරන්ද නවරත්න, පානී වෑවල, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න, අසීස් නිසාර්දීන්, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න යන මහත්වරු සහ එහි ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තේරුම් ගන්න පුළුවන්...
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ධර්මිෂ්ඨ පාලනයක්, ස්වයංපෝෂිත ආර්ථිකයක්, සැමට සෙවන, විනිවිද දේශපාලනයක්, යහපාලනයක්, ඉන්න හිටින්න හිතෙන රටක්, මේ වගේ ස්ලෝගන්වලට රැවටුණු අපිට එක රටක්, එක නීතියක්... කජ්ජක්ද?
මුළු ලෝකයම හිනස්සන දූපත් වාසීන්ගේ පිස්සු වැඩ...
අන්තිමට කාගෙ කාගෙත් එකම වැඩේ තමයි ඉතින්...
ලංකාවේ නීතියක් දැන් නැහැ. ලොකු එකා නිදහස් වෙනවා. පොඩි මිනිස්සු හිරේ යනවා. මහජන දේපල හොරකම් කරනවා. අල්ලන්න කෙනෙක් නැහැ. ඔක්කොම බොරුවක් කරන්නේ..
රජයේ උත්සාහය.. කටින්ද බන් ඕවා කියන්නේ...!
නරකද නාමල් කුමාර, අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද්, සමන් පෙරේරා වගේ විශේෂඥ කණ්ඩායමෙන් උපදෙස් ගත්තා නම් අපේ හාමුදුරුවනේ...? දේශපාලකයා නීතියට යටත් කිරීම අද රටේ මූලික අවශ්‍යතාවයි. විශ්ව විද්‍යාලයේ උගතුන් උපදෙස් දුන්නාට රට පාලනය කරන්නේ අ.පො.ස වත් නැති හොරු තක්කඩි, මිනීමරුවන්, කුඩුකාරයින්, එතනෝල් මුදලාලිලා, රේස් බුකීකාරයින් නොවේද? එක නීතියක්, එක රටක් රටේ ක්‍රියාත්මක කරන අය වෙනස් කර නොගෙන නිකරුනේ ජනතාව ගොනාට අන්දවන මෙවැනි නාටක බොහෝවිට ළදරු පාලකයෙක් තමන්ගේ යැපීම වෙනුවෙන් ගන්නා උත්සාහයක් අපි දකිමු. තමන් කවුරුන්දැයි නොදැන එක රටක්, එක නීතියක් ගැන යෝජනා කරන බලකායේ සභාපතිවරයා වගේම රාජපක්ෂ පවුල ජනතාවට විහිළු සැපයිමක් අපි දකින්නෙමු.
කුණුහරපෙන් බණින්නත් උගන්වනවා.
මොරටුව විශ්වවිද්‍යාලය සම්බන්ධ වෙලා නැහැ.. ඒ කියන්නේ මෙතැන ලංකාවේ හොඳම මොල ටිකේ නියෝජනයක් නැහැ.. හැමදාම වගේ මෝඩ ආර්ට්ස් කාරයින් තමයි හැමතැනම වෙනම දඟලන්නේ...
බයියන් ෆෝම් කරන තවත් වැඩක්..!
මෙතැන ඉන්නේ අර ඩෙමොන්ස්ට්‍රේටර්ලා කරන කට්ටියක් වගේ.. මොලයේ කළඳක් තියෙන ආචාර්ය, මහාචාර්ය වරයෙක් නම් මේ මෝඩ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්නේ නැහැ රෙද්දක් ඇඳගෙන. එක රටකුත් නැති, එක නීතියකුත් නැති දවසින් දවස කාබාසිනියා කරවන පොළවත් මේක.... ජිනීවා වලට පේන්න ගහපු තොරණ තමයි මේ... හැබැයි ඒ මිනිස්සු රැවටෙන්නේ නැහැ...