(එෆ්.අස්ලම් සහ විජයරත්න රත්නායක)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මියට කරන ලද තර්ජනාත්මක බැණවැදීමකට එරෙහිව ඌව පළාත් රජයේ වෛද්‍යවරු වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙති.
දෙමෝදර දිසා රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීමට යාමේදී රෝහල් බලධාරීන්ගෙන් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරියගෙන් ලද විරෝධය මත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සිය කාර්යාලයට කැඳවා බැණවැදී ඇතැයි රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ඌව පළාත් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල පළාත් මහ රෝහලේ අද (29) කැදවූ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
නිවාස කිහිපයකට යාම සඳහා මාර්ගයක් ඉදිකිරීමට යාමේදී දෙමෝදර දිසා රෝහල් භූමියෙන් ඉඩකඩ ගැනීමටයාමේදී මෙම ගැටළුකාරී තත්වය මතු ව තිබේ. මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය ඉඩකඩ ලබාදෙන්නැයි රෝහල් හා සෞඛ්‍ය බලධාරීන්ට බලකරමින් ගම්වාසීන් ද විරෝධතාවක නිරත වී ඇති අතර දෙමෝදර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසටද පහර දී ඇත.
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසියටද පැමිණිලි කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස්ව ගත් තීරණයට අනුව දෙමෝදර රෝහලේ රාජකාරියේ නිරත වෛද්‍යවරුන් තිදෙනාම රාජකාරියට නොයාමටද තීරණය කර ඇත.
මේ වනවිට එම රෝහලේ කිසිදු වෛද්‍යවරයෙකු රාජකාරියේ නිරතව නොසිටින බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගෙන් පොදුවේ සමාව ගතයුතු බවත් නොඑසේ නම් ඌව පළාතේ සිටින වෛද්‍යවරුන් ලබන 01 වනදා වැඩවර්ජනයක නිරතවනු ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලක් හරහා මාර්ගයක් ඉදිකිරීම රෝගීන්ට කරන අසාධාරණක් බව නොදන්නා කෙනෙක් පළාතේ පාලනයට කෙසේවත් සුදුස්සෙක් නොවේ..
ජනාධිපති තාත්තේ, දැන්වත් බල්ලව ගැට ගහමුද?
මහ ඇමති වුණාට හරකෙක් වගේ හැසිරෙනවා. වැඩ කරන්න ඕනෑවිදිය තාම දන්නේ නෑ. තඩි බඩ ගෙඩියකුයිෙ, පොඩි ඔලුවකුයි තියෙන නිසා අැඟේ හැටියට මොලේ නෑ. රෝහලක වටිනාකම දන්නෙත් නෑ. මෙයාලා නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ.
ඇමැතිතුමා හරි....
නොදකින් මේ වගේ දේසපාලකයෝ....
ඌවට ලොක්ක උණු මගේ නම හරකාය... කෙසඟ නිසා ලොකු මොලයක් ඇත්තේය.. මොලය ලොකු නිසා ඒ දණ්ඩේ දුවන්නේය..
දේශපාලකයා කළ වරදට අසරණ රෝගීන්ගෙන් පළි අරගෙන හරියනවද? රෝහල්වල අයිතිකාරයෝ, දොස්තරලා කියලා වෙන්න ඇති මේ අය හිතාගෙන ඉන්නේ? අනික පළාත් ප්‍රධාන ඇමතිට මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇති බව මොවුන් දැනගත යුතුයි. තමන්ගේ රාජකාරිය නොකර අනුන්ගේ කාර්යයන්ට අත දමන්න මේ අය කවුද? මේ තමයි මේ රටේ දොස්තර මාෆියාව...
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාෆියාකාරයින්ට මෙසේ රජයේ රෝහලක් වසා දමන්න අයිතියක් තිබෙනවද? මේ මාෆියාකාරයින්ගෙන් සෞඛ්‍ය ක්ෂේත්රය මුදාගත යුතුයි. මහඇමතිතුමා සමඟ පළාතේ ජනතාව සිටින බව පැහැදිලියි...
ලංකාවේ ඔය කියන දොස්තර සංගමයේ තරම් නරුමයෝ ලෝකයේ කොහෙවත් නැතිව ඇති. දොස්තරගේ ඔලුවේ රෝගය තියාගෙන කොහොමද රෝගීන්ගේ ශරීරයේ පවතින ලෙඩ සුව කරන්නේ...? ජනතාවගේ මුදලින් පිනට ඉගෙනගෙන රජයේ රැකියාව බාගෙට කරමින් රජයෙන් වැටුප් ලබමින්, වාහන පර්මිට් ඇතුළු සියලුම වරප්‍රසාද බුක්ති විඳිමින් පෞද්ගලික රෝහල්වල කළුකඩ මුදලාලිලාගේ භූමිකාවත් කරන්න මොවුන් සිතාගෙන සිටින්නේ, ජනතාවට පිනට ප්‍රතිකාර කරන බවද?
උගත්කම, උද්දච්ඡකමට පෙරලා ගෙන සිටින දොස්තාරලාට, සිංහල බෙහෙත් පෙවිය යුතු කාලය එළඹ ඇත. බඩ ලෙඩ්ඩුන් හැර අනෙක් සියලු දෙනා, කරුණාකර ඌව පළාතේ මහා ඇමතිතුමා වටා පෙළ ගැසෙන්න. මේ මාෆියා කල්ලිය අනාගතයේදී, රෝගීන්ට වස පොවන දිනය වැඩි ඈතක නැහැ. අර පාල කියලා අදහස් දාලා තියන හාදයා ගොම තැවරුණු නැට්ටෙන්ම බද්රානිට තදින් පහර දීලා නේද?
පේනවද මේ වගේ තිරිසන් දොස්තරලා? රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්වත් එළවලා ඇඳන් ටික හිස් කරලා එය මොවුන්ගේ ලොකුකමත් ලෝකෙටම පෙන්වනවා? මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මොවුන්ව සිරගත කල යුතුයි. එ්කටත් ඉතින් කොන්දක් තියන පාලකයෙක් රටේ ඉන්න එපැයි? පඹයා ඉස්සරහා ඉංග්‍රීසියෙන් කතා කරද්දී, පඹය ගොළු වෙනවා? ඉතින් කොහොමද ප්‍රශ්න විසඳන්නේ?
රටෙන් දේශපාලකයින් ආනයනය කරන්න..
ඇඟක් විතරක් ඇති, මොලයක් නැති, මේ ගොන් තඩියව ඌවෙන් එලවලා දාමු...
මේ බල්ලා ගියගිය තැන පාහරනවා. අයිතිකාරයෝ බල්ලව කොටුකරොත් නරකද?
පාර්ශවයන් දෙකක් අතර අරගලයකට අසරණ රෝගීන් ඇපයට තබා ගන්නේ කොහොමද? එවැනි ආරවුල් නිරවුල් කරගන්න තමයි රටේ නීති පද්ධතියක් ස්ථාපිත කර තිබෙන්නේ.. වෛද්‍යවරුන්ට තිබෙන්නේ තමන්ගේ රාජකාරිය ඉෂ්ට කිරීම මිස ඉඩම් සමග පැටලීම නොවෙයි. ඒවා අදාළ පාර්ශවයන් විසඳිය යුතුයි. කොහොමත් ලංකාවේ සමහර වෛද්‍යවරුන් හිතාගෙන ඉන්නේ ඔවුන්ට ඉහළින් කිසිම කෙනෙක් නැති ගානටයි. අපි කියනවා ඔවුන්ට කරණීයමෙත්ත සුත්‍රය කියවලා ඔය අලි ඔලුව නැතිකර නිහතමානී වෙන්න බලන්න කියා...
මමත් දොස්තර මාෆියාවට විරුද්ධ කෙනෙක්... නමුත් මෙතනදි නම් දොස්තර මහත්තුරු 100%ක් හරි. මේ බඩතඩි මහඇමතියා හින්දා අපිට කෙලවිලා ඉන්නේ. එලවන්න පුලුවන් දෙයක් කරන්න. අපේ සහයෝගය... ලබන පාර ඡන්දෙ ඉල්ලන්න එන්නකෝ බලන්න.
මෙහෙම වුණාම ජනතාවට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ වගේ පාහරයින්ට පිනට උගන්වපු අසරණ ජනතාව මරා දාපල්ලා... ඒක පහසුයි... පුලුවන් නම් ලංකාවේම තියන රෝහල් වහපල්ලා. වෛද්‍ය විද්‍යාවේ අචාරධර්මවත් නොදන්නා අය..!!!
කවුද කියන්නේ මේ වර්ජනය කරන්නේ වෛද්‍යවරු කියලා? රෝගීන්ගේ ජීවිත උගසට තබලා දේශපාලනයක් කරන මාෆියා සංගම් කාරයන් රැලක් තමයි මේ... ජාතියේ පවට කොහෙවත් ඉන්නා අාචාරියන් රැලක් ජනතාවගේ බදු මුලින්ම පිනට ඉගෙනගෙන දොස්තරලා වෙලා අසරණ රෝගීන්ව පීඩාවට පත්කරනවා. දොස්තරකෙනෙක් වුණාට ජන්මයෙන් ගෙනා තිරිසන් ගතිය අරින්න බැහැ. මෙහෙම එවුන්ට ආවඩන තිරිසන්නු සිටින එක ගැන අපි කම්පා විය යුතුයි.
ප්‍රධාන මහාමාර්ග අසල ඇති රජයේ හා පෞද්ගලික රෝහල් නොදැකපු අන්ධයෝ පිරිසක්ද මෙතන අදහස් පලකොට තිබෙන්නේ..? රෝහල් මෙන්ම මාර්ගත් ජනතාවට අවශ්‍යයි. රෝහල් වාට්ටුව මැදින් පාරක් කපන්න යනවා වගේ තමයි මොවුන් මෙතන කතා කරන්නේ...? ජනතාවගේ අවශ්‍යතාවය ඉටුකිරීමට රජයේ වගකිවයුතු නිලධාරීන් බැඳී සිටිනවා... ලංකාවේ මේ මාෆියා සංගම් කල්ලිය සමස්ත වෛද්‍ය ක්ෂේත්රයටම නිගා කරමින් කරන මේ නින්දිත ක්‍රියාව මේ රටේ සමස්ත ජනතාවම හෙළාදැකිය යුතුයි. මේ මාෆියා නඩය මනුෂ්‍යයින් නොවන සර්පයින්ගෙන් සැදුම් ලත් දකුණු ආසියාවේ තිබෙන දරුණුම මාෆියා සංවිධානයයි.
මෙහි අදහස් පලකොට ඇති බොහෝ අය මේ දොස්තර සංගමය මාෆියා කල්ලියක් ලෙස සැලකුවත්, මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන මොවුන් ත්‍රස්ත කල්ලියක් ලෙසයි මා නම් දකින්නේ... සමහරවිට මේ ත්‍රස්ත කල්ලිය මේ රටේ සිටින අවංකව ජනතාවට සේවය කරන වෛද්‍යවරුන්වත් ප්‍රාණ ඇපයට තබාගෙන ඔවුන්ගේ දේශපාලන කටයුතු කරනවා වෙන්නට ඇති. මේ ත්‍රස්ත කල්ලිය මෙහෙයවන නායකයින් කීපදෙනාට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක වුණා නම්, මේ රටේ අසරණ රෝගීන්ව පමණක් නොවේ, මේ රටේ අවංකව සේවය කරන සැබෑ වෛද්‍යවරුන්වත් ගලවා ගත හැකිව තිබුණා.
ඌවේ සන්වර්ධනය ...?
දේශපාලකයින්ට වඩා, ලංකාවේ දොස්තරලා ජනතාවට අරහන් බව පැහැදිලියි. ඒකයි තිත්ත ඇත්ත... වෛද්‍ය විද්‍යාව හැර ලෝකේ තිබෙන සියලු විජ්ජාවන් දන්නා මේ පණ්ඩිත දොස්තරලාට (GMOA ) ජනතාව එලව එලවා ගහන දවස වැඩි ඈතක නැහැ. අනෙකුත් රජයේ සේවකයින් මෙන් රෝහලට පැමිණෙන හා පිටව යන වේලාවන් යෙදීම මොවුන්ට අනිවාර්ය කළ යුතුයි. ඖෂධ මාෆියාව, වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට පටවන ව්‍යාපාරය මොවුන්ගේ මාෆියා සංවිධානයට මුදල් ගලා ඒමේ එක ක්‍රමයක්... පහුගිය වකවානුවේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වා ගෙන සිදුකළ වකුගඩු ජාවාරමට මේ සංවිධානයේ නායකයින් ඍජුවම සම්බන්ධ වී සිටියා. ඉන්දියාවේ මැදහත්වීම මත දැනට එම ව්‍යාපාරය තරමක් නතරවී තිබෙනවා. තව ඕනෑද?
මට නම් මේ දෙපාර්ශ්වයම එපා ….මරාගත්තාවේ !
මෑත අතීතයේ පූජක තුමෙකුටත් වඩා ජනතාව ගරුකල වෛද්‍යවරයා, අද මාෆියාකාරයෙක් ලෙස හංවඩු ගැසීමට සිදුවීමම ජාතියක් ලෙස අප කම්පා විය යුතුයි. එදා දොස්තර මහතාගේ මුහුණ දුටුවත්, ඉබේම රෝගීන් සුවවීමට තරම් වූ ඒ සුන්දර මුහුණ වෙනුවට, ගමේ, හන්දියේ නගරන් කාරයාගේ මුහුණ වර්තමාන දොස්තර සංගම් කාරයින්ගෙ මුහුණෙන් දිස් වෙන විට, නිරෝගී අයත්, රෝගී වෙන බව අහන්නත් දෙයක්ද? මෙහි අදහස් පලකොට ඇති අය අතරින් නිම්මි ගේ අදහස වඩා නිවැරදි යයි මා හට හැඟේ. එදා ත්රස්තවාදීන් ඔවුන්ගේ ආරක්ෂාවට ද්‍රවිඩ ජනතාව පලිහක් කර ගත්තාසේ, වර්තමානයේ මේ දොස්තර ත්‍රස්තයින් ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවයන් හමුවේ රෝගීන්ව මිනිස් පලිහක් කරගෙන ඇති බව රහසක් නොවේ. ඉංගීසි වචන හමුවේ නිරුත්තරව ගල්ගැසී, තමා උගතෙක් යයි ඔලු ගෙඩිය සොලවා, රටට ප්‍රදර්ශනාත්මක උගත්කම ලොවට පෙන්වීමට දඟලන නුගතෙකු මුල් පුටුව හොබවන අප රටේ මෙවැනි මාෆියා නගරන්ලා ජනතාවට අභියෝගයක් වීම අමුතු දෙයක් නොවේ. ලෝකයේ කොන්දොස්තරලාගේ චරිත, ලංකාවේ දොස්තරලා වීමම ජාතියේ කරුමයක් බවට පත්වී ඇත.
මා මෙම සිද්ධිය පිළිබඳ හොඳින් දන්නා අයෙක්. මෙම මාර්ගය ඉදිකිරීම මහ ඇමතිතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් නොවේ. ජනතාවගේ ඉල්ලීම මත සිදු කිරීමට නියමිත කාර්යයක්. මෙහිදී, මේ වෛද්‍යවරු නොමනා දේශපාලනයක යෙදෙන බව ප්‍රදේශවාසීන් දන්නවා. ඒ නිසා තමයි මේ ප්‍රදේශයේ ජනතාව මේ වෛද්‍යවරුන්ට විරුද්ධව මේ සටන් කරන්නේ. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අදහස් දැක්වූ ඔබසැමට ස්තුතියි.
මමත් මේ ගැටළුව පිළිබඳව දන්නවා. මෙම රෝහල හරහා ඇති මාර්ගය වසර 30කටත් වඩා ජනතාව භාවිතා කළ එකක්... රෝහල දියුණු කිරීම්දී මාර්ගයෙන් කෙටසක් රෝහල් භූමියට අයත් වන සේ ගේට්ටුවක් ඉදිකළා. නමුත් ජනතාව මේ මාර්ගය මේ වන තෙක්ම භාවිතා කළා. එයින් මෙම කුඩා රෝහලට බාධාවක් නෑ. වෛද්‍යවරුන්ගේ වුවමනාවටයි. මේ මාර්ගය වසා දැමීමට යන්නේ... එයින් සිදුවන්නේ ජනතාවයි, රෝහලයි ඈත් වීම... වෛද්‍ය වර්ජනයෙන් මේ තත්වය තව වැඩිවෙනවා. මහ ඇමතිගේ ක්‍රියා කලාපයත් අනුමත කරන්න බෑ. සාකච්ඡාවෙන් සියල්ල විසඳාගත යුතුයි. බහුතරයගේ කැමැත්ත අවසාන විසඳුම වියයුතුයි.
ඔන්න මහා ඉස්පිරිතාලේ නර්ස් ස්ට්‍රයික් එක හින්දා බෙහෙත් නොලැබීමෙන් එක රෝගී කාන්තාවක් මිය ගිහින්... නර්ස් සංගමයේ අයිතිකාරයා කියනවා ඒ ලෙඩ කොහොමත් සනීප කරන්න බැරි කෙනෙක්ලු. බෙහෙත් දීමේ අඩුපාඩුවක් වුනෙත් නැතිලු. අම්මපා මේ හාමුදුරුවෝ දැන් විසේෂඥ දොස්තර කෙනෙක් වගේනේ කතා කරන්නේ... මේ වගේ අය ශාසනයට අවමානයක්..!!
මගේ වරදවා වටහා ගැනීම කෙසේ වුවත්, මෙහි ඉහලින්ම අදහස් පලකොට ඇති අපේ හිතවත් සමහරක් සහෘදයින්ගේ අදහස් සමග මගේ අදහස් සැසදීමේදී, ඔවුන් ක්ෂීරපායි සත්වයෙකු වශයෙන් තමන්ගේ වෛද්‍යවරයා වෙනුවෙන් ඉතාමත්ම සාධාරණ හා හදවතට එකඟව ආදරයෙන් අදහස් පලකොට ඇතිබව පැහැදිලියි. ඒ අතින් අපේ රටේ පශු වෛද්‍යවරුන් මේ රටට කල ඇති සේවය, අපි ජාතියක් වශයෙන් අගය කල යුතුයි.
විශාල තඩි පංචස්කන්ධයකුත්, තඩි බඩ ගෙඩියකුත්, පුංචිම පුංචි මොලයකුත් තිබෙන මේ ඇමතියා ගැන නම්, කිසිම විශ්වාසයක් නැහැ. ඒත් මේ දොස්තරවරුන් කරන වැඩෙත් සාධාරණ නැහැ. ඒකෙන් නැතිවෙන්නේ අහිංසක ලෙඩුන්ගේ ජීවිත...
චාමරගේ කටට කටකලියාවක් දැමීමට මම යෝජනා කරමි..................