(අජන්ත කුමාර අගලකඩ)
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී ඊයේ (31) හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි වාර්තා වේ.මෛත්රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව කලක් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර ඉන් පසුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටික කලක් කටයුතු කළේය.
මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුකාරවරුන් අලුතින් පත් කිරීමේදී මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවා ගියත් ඌව පළාත වෙනසක් නැ
මේ ඩිලාන්ගේ තාත්තා නේද...?
පළාත් 3 ක ආණ්ඩුකාරවරයා ලෙස සේවය කරලා. මොන බොරුවක්ද මේක... ඉල්ලා අස් වුණු එක හොඳයි. බොරු වැඩ කරන්නේ නැතුව...
ජනාධිපති වහාම ඉල්ලා අස්වන්න කියා දන්වලානේ... මෙයා තනතුරුවලට එච්චර ආසත් නෑ. ඒ වගේම දැන් වයසත් 89ක් විතර වෙනවා.