IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඌව පරණගම බලයත් ජාජබට

(කේ.ආර්.රාජමන්ත්‍රී)

ඌවපරණගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත්වු මන්ත්‍රි ආර්.ඇම් ජිනදාස මහතා  සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම ජේ.ඇම්.තනුජා ප්‍රියදර්ශනි තේරි  පත්වුහ.

මෙවරපැවති පළාත්පාලන මැතිවරණයේදි ඌවපරණගම ප්‍දේශිය සභාවට කිසිදු පක්ෂයට සියයට 50 සභිකයන් පත් නොවිම හේතුවෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා වන ඩි.ඇම්. හේමන්ත දිසානායක මහතා විසින් එම සභාවේ සභාපතිවරයා හා උප සභාපති යන තනතුරු සදහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනිමේ රුස්විමක් එම ප්‍රදේශිය සභා  ශාලාවෙිදි 11 වන දින පසුවරුවේ පවත් වන ලදි.

මෙම රැසිවිමට ප්‍රාෙද්ශියසභාවට තේරිපත්ව සිටින සභිකයන් 41 නාම සහභාගිවුහ. 

සභාපති වරයා තෝරා ගැනිමේදි එම තනතුරට අදාල ඡන්ද විමසිම රහස්‍ය අන්දමට පවත්වන ලෙසට ජාතික ජනබලවේගයේ සකණ්ඩායම් නායක ආර්.ඇම් ජිනදාස මහතා යෝජනා කරන ලදි. එම යෝජනාවට විරුද්ධව සමගි ජන බලවේගයේ ටි.බි.සුබසේන මහතා විසින් යෝජනාවක් කරණ ලදි. මෙහිදි රහස් ඡන්දයක් පැවැත්වමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සභා සම්මත වුහ.

පසුව පැවැති රහස් ඡන්ද විමසිමේදි ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක ආර්.ඇම් ජිනදාස මහතාට චන්ද 22ක්ද ටි.බි.සුබසේනමහතාට චන්ද 17ක් ලැබි තිබුණි. 

උප සභාපති ධුරයට ජාතික ජනබල වේගයේ ජේ.ඇම්. තනුජා රසාංගිකා මහත්මියගේ නම ජෙ.ඇම් ප්‍රසාද් මහතාද  යෝජනා වූ අතර  පැවැති ඡන්ද විමදසිමේදි දෙදෙනාම ඡන්ද 20 බැගින් ලැබිම නිසා කුසපත් ඇදිමෙන් පසු  ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත්වු ජේ.එම් තනුජා රසාංගිකිකා මහත්මිය තේරීපත් වූවාය.

 



අදහස් (4)

ඌව පරණගම බලයත් ජාජබට

රනේ Thursday, 12 June 2025 06:10 AM

සමගි ජන බලවේගෙට මිනිස්සු චන්දෙ දුන්නෙ ආන්ඩුව කුලප්පු කරන්න මිසක් වෙන වැඩකට නෙමෙයි..

:       0       0

සෙනෙවිරත්න Thursday, 12 June 2025 12:53 PM

මේක තමයි ඊයෙත් උනේ, ආරංචි හැටියට රඹුක්කනත් ආව. සජිත්ට වෙන්නෙ ගනන්කර කර ඉන්න තමයි

:       0       2

prasanna Thursday, 12 June 2025 01:17 PM

L බෝඩ් සභාවල් හතර වටේ පිහිටවනවා.

:       3       2

රුවන් Friday, 13 June 2025 02:15 PM

විපක්ෂයේ කට්ටියත් හොරාට මාලිමාවට ඡන්දය දිනලා වගේ. කොක් වැඩේ හැබැයි පව් සජිත් ප්‍රේමදාස.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site