
(රන්ජන් කටුගම්පොළ)
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල් දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ග්රෙෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමේදී අදාළ චක්‍රලේඛන වලට අනුව සම්පූර්ණ කල යුතු අධ්‍යයන වාර සම්පූර්ණ කර නොමැති බවත් ‘දිට්වා’ ආදී ව්‍යසනයන් හේතුවෙන් නිවාඩු ලබාදීමෙන් සිසුන්ට නියමිත පරිදි සිය අධ්‍යයන කටයුතු කිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් අදාළ විභාගය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම සිසුන් පිරිසක් විසින් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd