(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ අවසන් තීරණය හෙට(බදාදා) ගැනීමට සූදානමින් සිටී.
 
දැනට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙනුයේ හෙට(බදාදා) බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය සහ උසස්පෙළ විභාගය කල්දමනවාද නැද්ද යන්න තීරණය කරන බව අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා පැවසීය.
 
කෙසේවෙතත් ඇමැතිවරයා අවධාරණය කර සිටියේ, මෙම විභාග දෙකම කල් නොදමා යොදාගත් පරිදි පැවැත්වීම නැවත රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් කඩිනමින් සූදානම් කෙරෙමින් පවතින බවත්ය.