
(ජේ.ඉඳුරුවගේ)
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාල සටහන අදාල පාසලේ විදුහල්පති වෙතද ,පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් මගින් මේ වනවිට ප්‍රවේශපත් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 දා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙතින් එය බාගත කරගත හැකි අතර ප්‍රවේශ පත්‍රවල විෂය,මාධ්‍යය සහ නාම සංශෝධන ඇත්නම් සියලුම අයදුම්කරුවන්ට http://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙතින් නොවැම්බර් 18 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංශෝධන සිදුකර ගතහැකි බවත් විභාග මධ්‍යස්තාන මාරු කිරීම සිදු නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd