IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උසස් පෙළට එරෙහිව පෙත්සමක්

(මනෝප්‍රිය ගුණසේකර)

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ  ප්‍රියන්ත පනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සැදුමලත් විනිසුන් මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂිකාවක් වන හංසනි අලහකෝන් සිසුවිය ගොනු කොට ඇති පෙස්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමැති හරිනී අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසන් නම් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ අධ්‍යාන කාලය අධ්‍යාන දින 107 ක් සම්පූර්ණ විය යුතු බව 39/2023 චක්‍ර ලේඛණයේ පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සිසුවිය මෙම අධ්‍යයන කාල සීමාවට පෙර මෙවර උසස් පෙළ විභාගය  පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් කරන්නීය.

මේ තත්වය යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න සිසු සිසුවියන්ට මහත් අසාධාරණයක් වි ඇතැයිද නියමිත පරිදි විෂයමාලා සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරන පෙත්සම්කාරිය තම පෙත්සම විභාගයට  අවසර දෙන ලෙසද උසස් පෙළ විභාගයේ පැවැත්වීම වළකාල අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ කාල සටහන බලශුන්‍ය කරන ලෙසද ඉල්ලා සිටින්නීය.

පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මෙම් වන විට විභාගය ආරම්භ කර ඇති හෙයින් පෙත්සම පවත්වාගෙන යෑමට  හැකියාවක් නැතැයි කීය.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු දක්වමින් පෙත්සම සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය කරන ඉල්ලීට අවසර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමටද අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව සංශෝධන පෙත්සමට අවසර දුන් අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවීමට නියෝග කළේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල්  නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.



අදහස් (1)

උසස් පෙළට එරෙහිව පෙත්සමක්

Ran Tha Monday, 25 November 2024 04:00 PM

මම ඒකයි මගේ ලමයින්ට හැමදම කියන්නෙ හොදට පාඩම් කරල ඉගෙන ගන්න කියල. නැත්නම් වෙන්නෙ අනිත් ලමයින්ගෙත් අනාගතේ කෙලවන මේ වගේ මෝඩ ගෑනු ලමයෙක් වෙන්න. ඒත් නැත්නම් මේ වගේ මෝඩ ගෑනු ලමයේකට පන්දම් අල්ලන ලෝයර් කෙනෙක් වෙන්න

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site