(රංජන් කටුගම්පොළ)

මෙම අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය දෙමසකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක්  ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.

පළමුවරට හා දෙවන වරට  උසස් පෙළ විභාගයට  පෙනී සිටින සිසු සිසුවියෝ පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් ඉදිරිපත් කළහ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය සිය තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කළේය.