(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතු බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ 2024 උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් පිරිසකට ලෝකයේ ඇති ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයන්හි ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව උදාකර දෙමින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සහභාගී වෙමිනි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,001 ක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන මඟින් 2025 සිට 2033 දක්වා කාලය තුළ සමස්ත සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට සැලසුම් කර ඇත.
මෙහි මූලික අදියර ලෙස 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් තිස් දෙදෙනකු මේ වන විටත් තෝරාගෙන ඇති අතර, ඉන් සිසුන් 9 දෙනකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න්, මොනෑෂ් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලොව ඉහළම පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී තිබේ.
ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරා ගැනීමේදී දැඩි විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති අතර සිසුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල (QS, THE හෝ ARWU) මුල් 500 ඇතුළත ඇති විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබිය යුතුය.
තෝරාගනු ලබන එක් සිසුවකු වෙනුවෙන් වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින්, වසර හතරක සම්පූර්ණ උපාධි කාලය සඳහා රුපියල් මිලියන 80 ක් දක්වා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd