(අංජුල මහික වීරරත්න)
අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් 2022-11-30 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඊට අනුව ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුපියල් 75,000 නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුය.
අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.
එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.
මීට අදාළ අයදුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනටමත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත. ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරීගේ අදාළ නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතුය. එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළයුතුය.
කලාප අධ්‍යාපන කාර්යාල වෙත විදුහල්පතිවරුන් විසින් ලබා දෙන අයදුම්පත්‍ර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් තෝරාගත යුතු අතර, ඉහළම සුදුසුකම්ලාභීන් 30 දෙනා තෝරාගෙන අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ බැංකු ගිණුමේ පිටපතක් හා ඊට අදාළ අනෙකුත් විස්තර සම්පූර්ණ කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2023-02-03 දිනට පෙර ලබාදීමට කටයුතු කළයුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අදාළ අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකි බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ඡනපති තුමනි අපගේදරුවන්ගේ උසස් අධ්‍යාපන. ලභා දිමට විසාල පිරිවැයක් දැරීමට සිදුව ඇත ඒවයින් කොටසකට ජනපති අරමුදලින් දායකත්වයක් දරන ඒක අටවැනි සමනිය ඡනතාවට ඉතාම වටි
ජනපති තූමණි ඡනාධිපති අරමුදල මගින්2021 ආ පො ස සාපොල සමත්2024 උ ස් පේල සිසුන්ට ආධාර වැඩසටහනේ අයදුම් පතක් ලබා ගන්නේ කොහොමද?