
(අංජුල මහික වීරරත්න)
අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්ට ජනාධිපති අරමුදලින් මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට රජය තීරණය කර තිබේ.
මෙම ඇගයීමේ කටයුතු පළාත් මට්ටමින් සිදුකිරීමට නියමිතය.
එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.
විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලැබ ඇත.
පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන මෙහි පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයීම ජූනි 22 වැනිදා කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක් කෙරේ.
මේ අතර සෙසු පළාත් වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට ඉස්සෙල්ලා කලින් අවුරුදු දීලා හිටපල්ලා ... අනුර, ඇවිත් අලුත් දෙයක් කරන්න හදන්න එපාඕවා එදා ඉඳලා ආපු දේවල් . මගේ ලමයත් A/L පාස් වෙලා දැන් කැම්පස් ගිහින් අවුරුදු 2 කට කිට්ටු වෙනවා . තවම නෑ දෙනවා කියපු එකක්වත්
කෝටි ගානක් වටිනා උපාධියක් නොමිලේ උගන්වන එක ශිෂ්‍යත්වයක් නෙවෙයිද?