
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා හෙට (5) හෝ අනිද්දා (6) ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එම ආචාර්යවරුන්ට උපරිම දීමනා දීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ දරුවන්ද අපොසඋසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින හෙයින් ගෙවල්වලින් ප්‍රශ්න මතුවන නිසා ඔවුන්ට තවදුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා කීවේය.
තවද අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වීමට උපරිම උත්සාහ දරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාකර අවසන්වූ වහාම අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට හැකියාව ලැබෙන බවද ඔහු කීවේය.
මේ අතර ජාත්‍යන්තර පාසල් 350ක් රටපුරා පවතින බවත් මෙම ජාත්‍යන්තර පාසල් නියාමනයට නිශ්චිත ආයතනයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර පාසල් නියාමනය කළ නොහැක්කේ ඒවා සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති නිසා බව පැවසූ ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම නියාමන ආයතනයක් පිහිටුවීමට නීති සම්මත කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම දරුවන්ගෙ ජීවිත ඇපයට තියාගෙන සල්ලි ඉල්ලන මොවුන් ආචාර්ය මහචාර්ය නෙවෙයි පාතාලයන් වැනිය.
අධ්‍යාපනය සහ උගත්කම මනුෂ්‍යත්වයට වඩා වෙනස් ය. මනුෂ්‍යත්වය පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙන්නේ රුධිරයෙන්. . වර්තමානයේ මිනිසුන්ගේ මෙම ගුණාංගය ඔබට නොපෙනේ. මනුෂ්‍යත්වය නොමැතිව වෘත්තීයභාවය පවතී.
ඇමති දැන් මාස ගණනක් තිස්සේ හෙට එයි කියලා කියනවා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති අදත් වර්ජනයේ හා මහපාරේ උද්ගෝෂණය කරමින් බදු ගැටළු විසදන තෙක් උත්තර පත්‍ර පරික්ෂා නොකරන බව පවසමින් දරුවන් ගේ අනාගතය විනාශ කිරීමට කටයුතු කරනවා දරුවන් ලක්ෂ ගණනක් අසරණ වී අධ්‍යාපන කටයුතු එපා වෙලා ඉන් ඈත් වෙමින් ඉන්නවා ප්‍රශ්නය ට තවම නිසි විසඳුමක් නෑ
දරුවන්ගේ කාලය ගොඩක් වටිනවා. දෙවන වර විභාගයට මුහුණ දීමට තීරණයක් ගැනීමට ප්‍රතිඵල වැදගත් වෙනවා. ගතවුණු දින 40 ගත වෙලා ඉවරයි. කඩිනමින් ප්‍රතිඵල ලබා දීමට අවශ්‍ය කටයුතු අදාල පාර්ශවකරුවන් විසින් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලනවා.
හැකි ඉක්මනින් ප්‍රතිඵළ ලබා දිමට කටයුතු කරන්න.
අම්මලා කියනවා දෙවැනි පාර කරන්න ලෑස්ති වෙන්න කියලා. ඒත් ගැම්මක් එන්නේ රිසල්ට්ස් ආවාම.. විභාගයක් ලියලා රිසල්ට් දෙන්න මාස 5-6ක් යනවා. ඵලදායිතාව ගැන කතාකරලා වැඩක් නෑ. කොහොම හරි ඉක්මණින් පේපර්ස් බලලා රිසල්ට් අවුට් කරන්න.
ශිෂ්‍යත්ව නැවත පරිීක්ෂාවෙ ප්‍රතිඵල දෙන්න