
(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමට අධිකරණය කළ හැකි උපරිම දේ සිදු කළ බවත් වන්දි අයකර ගැනීමට පියවර ගැනීම විධායකයේ කටයුත්තක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේදී අද 25 පැවසීය.
නෞකාවේ අයත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සිරගත කිරීමෙන් පමණක් මෙම ගැටළුව නොවිසිඳෙන බවද විනිසුරු අචල වෙන්ගප්පලි මතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා මෙසේ පැවසුවේ එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කළ වන්දි මුදල ගෙවීමට හැකියාවක් නොමැති බවට සී කොස්ටෝඩින් සමාගම ගොනුකළ තිබූ මෝෂමක් සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම මෝසෙම සලකා බැලීමෙන් අනතුරුව අදාල අධිකරණ නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර සමාගමට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෝෂම සලකා බැලිණි.
ලබන වසරේ ජනවාරි 26 මෙම මෝස කැඳවන ලෙස ද නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කළ වන්දි මුදලින් රුපියල් මිලියන තුන්සියයක් පමණක් තමන්ට ගෙවිය හැකි බවත් ඉතිරි මුදල ගෙවීමක් හැකියාවන් නොමැති බවද සඳහන් කරමින් කොස්ටෝඩියම් සමාගම විසින් මෙම මෝෂම ගොනු කර ඇත.
මෝෂමට අනුව පෙත්සම අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිට නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් ද්‍රබරේ මහතා කියා සිටියේ අධිකරණ නියෝගයට අවනත නොවීමේ හේතුවෙන් වගඋත්තරකාකාර සමාගම අධිකරණයට අපහාසයක් කර ඇති බවද කිසිදු පැමිණිල්ලකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳ පියවර ගැනීමට බලය ඇති බවද අධිකරණ අපහාස පනත යටතේ මේ සම්බන්ධ විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද ඉල්ලා සිටියේය.
ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය කියා සිටියේ ඔවුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙයසි. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නිල් සාන්ත සිරිමාන්න සහ සෙනානි දයාරත්න යන නීතිඥ මහත්වරු ද ඊට එකඟත්වය පළකළහ.
ඉන් අනතුරුව අධිකරණය ඇමතු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ අධිකරණය නියෝගය අනුව දැනට විමර්ශන කටයුතු සිදුකරන බවත් අදාළ කමිටු පිහිටුවා ඇති බවත්ය.
වගඋත්තරකාර සමාගම අධිකරණ නියෝගයට අවනත නොවීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් අධිකරණ අපහාස පනතේ යටතේ සුදුසු පියවර ගන්නා ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
වගුත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනග් ්ඊශ්වරන් මහතා කියා සිටියේ තම සමාගම අධිකරණ නියෝගයට අවනත වූ බවත් ඒ අනුව රුපියල් මිලියන 300ක වන්දි මුදලක් ගෙවූ බවත් ඊට වැඩි වන්දි මුදලක් ගෙවීමට තමන්ට සමාගමට මූල්‍ය හැකියාවක් නොමැති බවත් කිය.
තම සමාගම අධිකරණය අපහාසයක් කර නොමැති බවද තම සමාගමට හැකියාව අනුව අදාළ වන්දි මුදල ගෙවු බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා කියා සිටියේ අධිකරණයට කළ හැකි උපරිම දේවල් සිදුකර ඇති බවත් වන්දි අය කර ගැනීමේ සුදුසු පියවර ගත යුත්තේ විධායකය බවත්ය.
අදාල නෞකාවේ අධ්‍යක්ෂක මණ්ඩලය සිරගත කිරීමෙන් පමණක් මේ විසඳිය නොහැකි බවද විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත . හැමදේම කරගන්න හදන්නෙ අධිකරණයට කියලා. එහෙනම් ආන්ඩුවක් මොකටද?
අධිකරණ නියෝග පිලිනොපදින මිනිස්සුන්ට වෙන්නේ හර්ෂ ඉලුක්පිටියට වුන දෙය බව සිතට ගන්න , මොන ජගත වුනත් රටේ නීතියට යටය
ඒ කාලේ ජවිපෙ මාලිමා හැත්ත පුරසාරම් දෙඩුවා ඔය නඩු ඒ අයට හරි සුළු දේවල් කියල, කොටින්ම කිව්වොත් ඩොලර් බිලියනයේ නඩු තීන්දුව දුන්නාමත් ජවිපෙ බෙරිහන් දුන්නේ හරියාකාරව නඩු පැවරුවා නම් ඊට වඩා, ඒ කියන්නේ ඩොලර් බිලියන නවයක් තරම් මුදලක් අයකරගන්න පුළුවන් කියල. දැන් ඉතින් පුළුවන් නම් ඔය බිලියනය අයකරගෙන පෙන්වන්න.
ගිනි ගන්නා නැවක් ලංකාවේ මුහුදු සීමාවේ ඇතුලට අරගෙන ඒකෙනුත් කොමිස් ගැහුව එවුන්ගේ වහල්ලු දැන් ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට අභියෝගය කරනවා වන්දි අය කර ගන්න කියලා.
වෙන රටවල් බාරගන්නේ නැතිව එලවද්දී ,අනතුරක් වෙන බව දැන දැනම ලංකාවේ මුහුදු සීමාවට ගෙනල්ල කරපු බලු වැඩේට කරපු පරිසර හානියට සාධාරණයක් වෙන්න ඕනේ. මේවගේ වැඩ ආයේ නොකරන්න පාඩමක් වෙන්නත් ඕනේ
ගුණේ අයියා කඩේ යනවා කියලා රෙදි නැතිවම කඩේ යන්න එපා ! ඉංදියාව ඇතුළු රටවල් ගණනාවක්ම ඔය නැව බාර නොගත්තේ අහක යන නයි තමන්ගේ ඇදුම අස්සේ දාගෙන කනවෝ කනවෝ බැරි හින්දා යි. අපේ උන් ඒක භාර ගත්තේ රාජතාන්ත්‍රික වගකීම් ඉෂ්ට කරන්න නොවෙයි ජරාව කන්න කියලා කිව්වේ අපි නොවෙයි විජේදාස රාජපක්ෂයි. අනික රාජතාන්ත්‍රික වගකීම ඉෂ්ට කරන්න නැව ලංකාවේ මුහුදු සීමාවට ගත්තා නම් මේ ආණ්ඩුවට වන්දි අය කර ගන්න කියලා කෙදිරි ගාන්නේ මොන බම්බුවටද?
නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වන දින ගින්න හටගෙන තිබිණි. මේක උපුටා දැක්වීමක්. නැවේ ගින්න නිවීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායෙනුත් පැමිණියා, නමුත් රසායනික ගින්නක් නිසා නිවාදැමීම කල නොහැකි වුනා. ඔන්න සිදුවුණු දෙය, ඇතුළු වෙන්න එපා කියුවේ වරායට. ඒ වෙනවිටත් නැව තිබුනේ ලංකා මුහුදු සීමාවේ.