(රෝෂන් තුෂාර)
ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු ලබන 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (22)නියෝග කළේය.
නරාහේන්පිට දාබරේ මාවතේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි උලපනේ සුමංගල හිමි,කොළඹ නාගරික මන්ත්‍රී වරයෙකු හා විදුහල්පතිවරියක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අධිකරණයට නියෝගයන්ට අවනතව කටයුතු නොකිරීම ඇතුළු කරුණු හේතුවෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ලබන 27 වන දින විභාගයකට මුහුණ දීමට සිදුව තිබෙන බැවින් 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම විහාරස්ථානයට හෝ පංසලට යාම එපාවෙමින් තියෙනවා එහෙම කිව්වාම තාපසයින්ගේ අසපුවලට හා මහාපරිමාණයෙන් බෞද්ධ ආරාම ලෙසට විච්චූර්ණව හදන ධනපතින්ගේ ආගමික ස්ථාන වෙතට යන්න නම් කිසිම කැමැත්තක් නැහැ. බුදුහාමුදුරුවෝ සැප පහසු මන්දිර සමග රාජ්‍ය පාලනය අතහැර ගියේ බුදු දහමේ හරය වන ආශාව නැතිකරන්න තමයි. ඒ සමගම කියන්න ඕන වත්මනේ තරුණ පිරිස් පංසලෙන් විහාරයෙන් දුරස්වීමට මෙම භික්ෂූන්ගේ (ගරුකටයුතු හාමුවුරුවන් වහන්සේසේලාට අදාල නැහැ ) නොමනා ක්‍රියාවන් හා හැසිරීමද හේතුවක් වෙනවා. ලංකාවේ බුදුදහම රැකගන්න නම් බන්ධනාගාර ගතවන සියලු චීවරධාරින් උපැවිදි කරන්න ඕනෑ...
මේ රටේ කෝවිඩ් වසංගතය සමග පැමිණි අර්බුද අස්සේ මිනිසුන් පාරට ගෙන ව්‍යවසනයකට පාර කැපුවේ මේ අය ප්‍රමුඛ ජෙප්පොයි, පෙරෙට්ටොයි. අර තට්ට ස්ටාලිනුත් මේ සමගම ගතයුතුයි.
මන්ත්‍රී නම් ඡන්ද බලාගෙන කියමු. විදුහල්පතිවරු, ස්වාමින් වහන්සේලා මොකට රිංගනවද පැල්පත් අස්සේ? තනතුරේ, චීවරයේ ගරුත්වය රකින්න ඕනේ ඉස්සෙල්ලාම...